Breaking News

කෝටි 07 ක මුදල් වංචාවක් සිදු කළැයි බස්නාහිර පළාත් සභා මන්ත්‍රී අත්අඩංගුවට


රුපියල් කෝටි 07 ක චෙක්පත් වංචා කළැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් බස්නාහිර පළාත් සභා මන්ත්‍රී සම්මුගනාදන් කුහවර්ධන් මහතා අපරාධ පරීක්ෂණ දෙපාරතමේන්තුව විසින් ඊයේ (26) අත්අඩංගුවට ගනු ලැබීය.

අපරාධ පරික්ෂණ
දෙපාර්තමේන්තුවේ වාණිජ අපරාධ විමර්ශන ඒකකයේ නිලධාරින් ඊයේ (26) පරවරුවේ කුහවර්ධන් මහතාගේ වැල්ලවත්ත නිවෙසට ගොස් ඔහු එම දෙපාර්තමේන්තුව වෙත රැගෙනවිත් ප්‍රශ්න කිරීමෙන් අනතුරුව මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත.

නිවාස සංකීර්ණ තුනක් මිලදීගෙන ඒ වෙනුවෙන් තමාට  රුපියල් කෝටි 3 ක අගරු චෙක්පත් ලබා දුන්නැයි අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ වාණිජ අපරාධ විමර්ශන ඒකකය වෙත මෙම පැමිණිල්ල කර තිබුණේ සත්ගුණානන්දන්  නමැති ව්‍යාපාරිකයකු විසිනි.

ප්‍රඡාතන්ත්‍රවාදී ඡනතා පෙරමුණ නියෝඡනය කරන  කුහවර්ධන් මහතා, බස්නාහිර පළාත් සභා මන්ත්‍රීවරයකු ලෙස කටයුතු කරන අතර, ගොඩනැගිලි ඉදිකිරිම් සහ විකිණීමේ ව්‍යාපාරයක හිමිකරුවෙක් ද වෙයි.

සැකකරු අද (27) ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

-නිමන්ති රණසිංහ සහ තරිඳු ජයවර්ධන-