Sinhala Edition English Edition
Facebook Official Fanpage Google+ Official Page Official Twitter Account Rss Feed

Latest News

Advertisement


 පාර්ලිමේන්තුව කැඳවීම සම්බන්ධයෙන් දක්වා අවසන් තිරණයක් ගෙන නොමැති බව ජනපති මාධ්‍ය අංශය උපුටා දක්වමින් බී.බී.සී. සිංහල සේවය වාර්තා කර තිබේ.

අද විද්වත් හමුවක් අතරතුර අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සඳහන් කළේ ජනපතිවරයා ලබන 05 දා පාර්ලිමෙන්තුව කැඳවීමට තීරණය කර ඇති බවයි.
නමුත් ජනපති මාධ්‍ය අංශය තවම එය තහවුරු කර නැත.


මේ අතර, කතානායක මාධ්‍ය අංශයo සඳහන් කළේ, සිය කාර්යාලයට ද පාර්ලිමේන්තුව විවෘත කරන දිනයක් පිළිබඳ දැනුම් දී නොමැති බවය.
පාර්ලිමේන්තුව නොවැම්බර් 5 හෝ 7 විවෘත කරන ලෙසට ඉල්ලීමක් කර ඇතත් ඒ සම්බන්ධයෙන් අවසන් තීරණයක් මෙතෙක් ගෙන නැතැයි කතානායක කාර්යාලය සඳහන් කළේය.

පාර්ලිමේන්තුව සැසි වාරය නොවැම්බර 16 දා දක්වා කල් දැමිමට ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා කටයුතු කර තිබූ අතර එය වෙනස් කිරීම නිල වශයෙන් දැනුම් දිය යුතුවන්නේ ජනපති විසින්ය.










Gossip Lanka Previous News

තවත් පුවත්

Advertisement