Sinhala Edition English Edition
Facebook Official Fanpage Google+ Official Page Official Twitter Account Rss Feed

Latest News

Advertisement

මෙම මස 05 වැනි සඳුදා පාර්ලිමේන්තුව කැඳවීමට ජනාධිපතිවරයා තීරණය කර තිබෙයි. මේ බව අගමැති මහින්ද රාජපක්ෂ විශ්වවිද්‍යාල ආචාර්යවරුන් සමඟ පැවති සාකච්ඡාවක් අතරතුර අද දහවල් හෙළි කළේය.
අගමැතිවරයෙකු පත්කිරීමේ ක්‍රියාවලියේ
ව්‍යවස්තානුකුල නිරවද්‍යතාව

සහතික කිරීමට පාර්ලිමේන්තු බහුතරය පෙන්වීමට අවශ්‍ය බවට නැගුණ තර්ක හමුවේ අනපේක්ෂිත ලෙස පාර්ලිමේන්තු සැසිය අවසන් කර ලබන 16 දක්වා නව සැසිවාරය කල්තබා  දින 11 ක කාලයකට පාර්ලිමේන්තුව වසා දැමුණ තත්වය හමුවේ නැවත පාර්ලිමේන්තුව රැස්කරන ලෙස විදෙස් බලපෑම් පවා එල්ල විය.
පාර්ලිමේන්තුව එපමණ කලක් රැස් නොකර සිටින්නට හේතුව වූයේ මහින්ද රාජපක්ෂගේ පිලට පිරිස් අද්දවා ගැනීමට කාලයක් අවශ්‍ය වු නිසා බවටද දේශපාලන ආරංචි පැතිරිණි.
මේ අතර 5 වනදා පාර්ලිමේන්තුව කැඳවන අවස්ථාව වනවිට ආණ්ඩු පක්ෂයේ බහුතරය මහින්ද රාජපක්ෂට ලබාගැනීමට හැකි බවත් බහුතරය සූදානම් බවත් විමල් වීරවංශට අයත් වෙබ් අඩවිය විසින් වාර්තා කර තිබේ.









Gossip Lanka Previous News

තවත් පුවත්

Advertisement