Sinhala Edition English Edition
Facebook Official Fanpage Google+ Official Page Official Twitter Account Rss Feed

Latest News

Advertisement


මාවතගම සමෝද මැදි විදුහලේ තුන ශ්‍රේණියේ ඉගෙනුම ලබමින් සිටි අට හැවිරිදි සිසුවෙකුට ශාරීරික හිංසා සිදු කළ බවට චෝදනා එල්ල වී සිටින ගුරුවරයා මානසික රෝගයකට ප්‍රතිකාර ලබමින් සිටින අයෙකු බවට පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී තිබේ. සැකකාර පාසල් ගුරුවරයා මාවතගම පුස්සැල්ල ප්‍රදේශයේ පදිංචි 37 හැවිරිදි එක්දරු පියෙකි.

මෙම සිද්ධියෙන් පසුව සැකකරු ප්‍රදේශය අතහැර පලාගොස් සිටින බව මාවතගම පොලීසිය පවසයි.
පසුගිය සිකුරාදා (23) පාසල් කාලයේදී මෙම සිදුවීම වාර්තා වී   තිබුණි. තමන් භාරව සිටින පන්තියේ ඉගෙනුම ලබන ශිෂ්‍යයෙකුට එම පන්තියේම  සිසු සිසුවියන් ලවා විවිධ ආකාරයෙන් ශාරීරික හිංසා පීඩා එල්ල කළ බවට ‍මෙම ගුරුවරයාට එරෙහිව චෝදනා එල්ල වී තිබේ.

සිද්ධියට මුහුණ දුන් ශිෂ්‍යයා එම පාසලේම පළමුවැනි ශ්‍රේණීයේ ශිෂ්‍යයකුට පහරදීමේ සිද්ධියට දඩුවමක් බව පවසමින් මෙම ගුරුවරයා අනෙකුත් සිසුසිසුවියන් ලවා ඔහුට මෙසේ දඩුවම් කර ඇති බව අනාවරණය වී ඇත. පසුගිය 22 වැනිදා දහවල් මෙලෙස වදහිංසාවට  සිසුවා තමන් මුහුණදුන් සිදුවීම පිළිබඳව අපට  මෙලෙස පැවැසීය.
''අශෝක සර් ළමයින්ට කිව්වා හයියෙන් මගේ පිටට ගහන්න කියලා, ඉතිං ළමයි ඔක්කොම එකතුවෙලා

මිටි ගුළියෙන් මට ගැහැව්වා. ඊට පස්සේ සර් ළමයින්ට කිවිවා මගේ ඔළුවට කෙළ ගහන්න කියලා. ළමයි කෙළත් ගහවා. ඊට පස්සේ මගේ අත් දෙක දැවැළකින් බැදලා ඉටිබෙක් දැමීමා, උණ බටයක් පිටට තියලා ලණුවකින් බැන්දා. මම ඇදගන හිටපු ඇදුම් ටිකත් ඔක්කොම ගැලෙව්වා. ''යැයි පැවසීය.

පහරකෑමට ලක් වූ සිසුවා විසින් අදාළ පත්තිකාර ගුරුවරයාට අපහාසාත්ක වචනයකින් ඇමතීම නිසා උරණ වීමෙන් මෙලෙස දඬුවමට ලක්කළ බව එම පන්තියේ ඉගෙනුම ලබන අනෙක් සිසු සිසුවියෝ පවසති. අදාළ සිදුවීම පිළිබඳව විස්තර කරමින් අදහස් දැක් වු සිසු සිසුවියන් පිරිසක් මෙලෙස පැවැසුහ.

''පසිඳු සර්ට බූරුවා කියලා කිව්වා. ළමයි ගිහින් ඒක කිවා. සර් ඒකට හොදටම තරහ ගිහින්, අනේ මම නම් මේ පක්කියේ ඉන්නේ නෑ, ඕනේ කෙනෙකුට කරගන්න දීලා මම යනව කියලා කිව්වා. ඊට පස්සේ තමයි සර්, පසිඳු එක වසරේදී කවීෂට ගහපු එකක් මතක් කරලා පසිදුට ගහන්න කියලා ළමයින්ට කිවිවේ. ඊට පස්සේ තමයි ළමයි පසිඳුට ගැහුවේ. සර් ළමයින්ට කිව්වා ලොක් එකකුයි දළීවැලකුයි ගේන්න කියලා. රශ්මිකයි, ගයත්තයි ගිහින් දම්වැල ගෙනාවා. උණ බටයක් පිටට තියලා පසිඳු ඒකට දාලා ලොක් කරන්න කියලා සර් කිව්වා.
 ඊට පස්සේ කලිසමයි ටී. ෂර්ට් එකයි කලිසමයි ගලවන්න කියලත් කිවිවා. යුනෙත් පසිඳුගේ ඇඳුම් ගැලෙව්වා. පංතියේ ලී කෝට්ටක් තිබුණා, ඒකේ උල් උල් තිබුනා. සර් ඒකෙන් පසිඳුට ගහන්න හැදුවා. ළමයි කෑ ගැහැව්වා එපා එපා කියලා. හැබැයි පටන් පස් සර් ගැහැව්වේ නෑ පසිඳු හොදටම බයවෙලා  අඩ අඩා හිටියේ. එයාට බයට කක්කත් ගිහින් තිබුණා. ළමයි පසිඳුට ගහනවා බල බලා සර් හොඳට හිනාවෙවී පුටුවක වාඩිවෙලා හිටියා. සර් ඔයිට කලීන් දවසක සිත්මිණි වත් කැලේට
ඇදලා දැම්මා. එදාත් එයාගේ ගවුමත් ගලවන්නත් හැදුවා. එම සිසු සිසුවියෝ කීහ..   ''

පසුව දඩුවම් විදි ශිෂ්‍යයා ඒ බව තම දෙමාපියන්ට දැනුම්දීමෙන් අනතුරුව ඔවුන් ඒ බව මාවතගම පොලිසීයට පැමිණිලි කර තිබේ, මෙම සිද්ධිය ඇසින් දුටු සහ ශිෂ්‍යයාට තාඩන පීඩන කිරීමට සහභාගී වූ සිසුසිසුවියන් විසින්ද ඒ බව සනාථ කොට ඇත. අත්අඩංගුවට ගැනීමට සොයන සැකකරු වෘත්තියෙන් ඉංග්‍රීසි ගුරුවරයකු වන අතර එම පාසලේ පහ වසර ශිෂ්‍යත්ව පන්තිවලට ද ඉගැන්වීමි කළ ද ගුරුවරයකු වන බවද වාර්තා වී ඇත.

 මෙම සිද්ධියෙන් අනතුරුව සැකකරු ප්‍රදේශය අතහැර පලාගොස් සිටින බැවින් ඒ පිළිබඳව පක්ෂණ කිර්ම සඳහා ඔහුගේ බිරිඳ පොලීසියට ගෙන් වූ බවද පොලීසිය පවසයි. තම සැමියා මානසික ආබාධයකට   ප්‍රතිකාර ලබමින් සිටින අයෙකු බවද ඒ සදහා නොකඩවා ඖෂධ ලබා ගනිමින් සිටින බවද බිරිඳ පොලීසියට ලබාදී ඇති ප්‍රකාශයෙහි සඳහන් වෙයි. එම ශිෂ්‍යයාට ශාරිරික පීඩා එල්ල කළ ආකාරයටම මීට පෙර තවත් ළාබාල සිසුවියකටද ශාරීරික පීඩා එල්ල කළ බවට තොරතුරු වාර්තා වුවද එවැනි සිදුවීමක් සම්බන්ධයෙන් මෙතෙක් කිසිදු පැමිණිල්ලක් ලැබී නැති බවද පොලීසිය පවසයි. මාවතගම පොලීසිය මේ පිළිබඳ පරීක්ෂණ ආරමිභකොට ඇත.









Gossip Lanka Previous News

තවත් පුවත්

Advertisement