Sinhala Edition English Edition
Facebook Official Fanpage Google+ Official Page Official Twitter Account Rss Feed

Latest News

Advertisement


බංගදෙණිය - ආණමඩුව මාර්ගයේ දෙමටපිටිය කුමාරකට්ටුව ප්‍රදේශයේදී ඊයේ (25)දා අලුයම සිදු වු අනතුරක් නරඹමින් සිටි පිරිසක් යටකරමින් ගමන් ගත් මෝටර් රථ අනතුරකින් තුවාල ලද 12 දෙනකු හලාවත දිස්ත්‍රික් මහ රෝහලට ඇතුළත් කළ බව
හලාවත පොලීසිය සදහන් කරයි.

ඊයේ අලුයම 3ට පමණ මෙම අනතුර සිදු වී ඇත.
ඉන් එක් අයකුගේ තත්ත්වය අසාධ්‍ය වුයෙන් ඔහු වහාම කොළඹ ජාතික රෝහලට ගෙන ගොස් ඇත. තුවාලකරුවන් අතර වයස අවුරුදු 7ක් 9ක් වයසැති පාසල් සිසුන් දෙදෙනකු සිටින අතර ඉතිරී දස දනා වැඩිහිටියන්ය. අනතුර සිදුකළ මෝටර් රථයේ රියදුරුද ඒ අතර වන අතර ඔහු හලාවත ප්‍රදේශයේ පාසලක ගුරුවරයකු බව කියයි.
කුමාරකට්ටුව ප්‍රදේශයේ පෙරේදා (24දා) රාත්‍රී සංගීත සංදර්ශනයක් පවත්වා ඇති අතර එය ඊයේ (25) දා අවසන් වූ පසු සංගීතය නැරඹීමට පැමිණ සිටි පිරිස සිය නිවෙස්වලට යමින් සිට ඇත. ඒ අතර සංගීතය නැරඹීමට පැමිණ සිටි තරුණයකු ගමන් ගත් යතුරු පැදියක් ලිස්සා ගොස් පෙරළී අනතුරකට භාජනය වී ඇත. එම අනතුර නැරඹීමට නිවෙස්වලට යමින් සිටි පිරීස එක් රොක් වී  සිටියදී පල්ලම දෙසින් පැමිණි මෝටර් රථයක් වේගය පාලනය කර ගත නොහැකිව පාරේ රොක් වී සිටි පිරීස යට කරමින් ගොස් කානුවට වැටී අනතුරට ලක්ව ඇති බව පොලිසිය කියයි.
මෝටර් රථය පදවාගෙන ආ අය මාදම්පේ මැල්ලවගාවේ පදිංචි අයකු වන අතර තුවාලකරුවන් අවට ප්‍රදේශවල පදිංචිකරුවන් බව පොලීසිය කියයි. හලාවත පොලීසියේ රථවාහන ඒකකය මේ පිළිබඳ වැඩිදුර පරීක්ෂණ සිදුකරයි.









Gossip Lanka Previous News

තවත් පුවත්

Advertisement