Sinhala Edition English Edition
Facebook Official Fanpage Google+ Official Page Official Twitter Account Rss Feed

Latest News

Advertisement


දියතලාව බස් බොම්බය ගැන සෙබළාගෙන් පරස්පර ප්‍රකාශ
බස් රථයේ සීසීටීවී තුළින් සාක්ෂි හමුවෙයි

පාතාල බිස්නස් එකක් දැයි සැක

පසුගියදා ආන්දෝලනයක් ඇති කරමින් දියතලාවේදී බස් රථයක් තුළ පුපුරා ගිය බෝම්බය ළඟ තබාගෙන සිටි බව කියන යුද හමුදා සාජන් මේජර්වරයා මේ වනවිට සුවය ලබමින් පසුවන අතර ඔහු සමග පොලිසිය කථාබහ කිරීමේදී
පරස්පර ප්‍රකාශ සිදු කරන බවත් ඔහු මෙම බෝම්බය කිසියම් පාතාල කටයුත්තකට යොදාගැනීමට ගෙන යන්නට ඇති බවටත් සැක කරන කරුණු මතුව තිබේ.
දියතලාව පොලිසියේ නිලධාරීන් ඉකුත් දින දෙකේ අවස්ථා කිහිපයකදීම ඔහුගෙන් දියතලාව රෝහලේදී ඒ පිළිබදව ප්‍රශ්න කර තිබෙන අතර සුවවූ පසු ඉදිරි දින කිහිපයේදී අත්අඩංගුවට ගැනීමට
නියමිත බව පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.
මේ පුද්ගලයා යාපනයේ සිට බණ්ඩාරවෙල දක්වා ධාවනය වූ බස් රථයට ගොඩවී ඇත්තේ 20 වැනිදා අලුයම 1.05ට මහනුවරින් බව එම බස් රථයේ සවිකර තිබෙන ආරක්ෂක කැමරා තුළින්ද අනාවරණය වී තිබේ.
බස් රථයට ගොඩ වී අසුන් ගත්

ඔහු සිය ගමන් මල්ල ඔඩොක්කුවේ තබාගෙන කලබලයෙන් සිටි අයුරු වීඩියෝ පටිගතවී තිබෙන අතර විටින් විට ගමන් මල්ලට අත දමා ඒ තුළ ඇති යමක් අතපත ගාන ආකාරයද පැහැදිලිව හඳුනාගන්නට ලැබී තිබේ.
ඔහුගේ ගමන් මල්ල ඔහු අසුන්ගත් ආසනය යට තබන අයුරක්ද පසුව බස් රථයෙන් බැසීමට නැගිට ගමන් මල්ල . ආසනය යටින් ගන්නා අවස්ථාවේ බෝම්බය පුපුරා ගිය බවද වීඩියෝ දර්ශනවලින් අනාවරණය වී තිබේ.
සාජන් මේජර්වරයා මාතලේ නිවසින් කඳවුර දක්වා යන බව ප්‍රකාශ කර ඇත්තේ ඉකුත් 19 වැනිදාය.
මොහු සඳහන් කර ඇත්තේ අනුරාධපුරයේ සිටින සිය ඥාතියකුගෙන් ලැබීමට ඇති රුපියල් 5000ක මුදලක් ලබාගැනීමට එහි ගිය බවය. 5000 වෙනුවෙන් රුපියල් 500 රැගෙන ඔහු අනුරාධපුරයෙන් පිටත්වයාම ගොස් තිබෙන අතරවාරයේ ඔහු හමුවීමට මාතලේ පිහිටි ඔහුගේ නිවසට එදින උදෑසන 7.00ට පමණ මෝටර් රථයකින්පුද්ගලයන් තිදෙනෙක් පැමිණ තිබීම සැකයට බඳුන්ව ඇත.
ඒ අයගෙන් දෙදෙනකු නොහඳුනන බවත් එක් අයකු සාලියපුර කඳවුරේ සේවයේ නියතු තම මිතුරකු බවත් පොලිස් ප්‍රශ්න කිරීම්වලදී ඔහු පවසා ඇත. පැමිණි සාජන් මේජර්වරයෙක් වූ බව කියන ඔහුගේ මිතුරාගෙන් වැඩිදුර තොරතුරු විමසීමට මේවනවිට අත්අඩංගුවට ගන්නට පොලිසිය යොදවා තිබේ.
එම සාජන් මේජර්වරයා සමග සිටි සෙසු දෙදෙනා හඳුනා ගැනීමට අපේක්ෂා කරන බවත් මෙම සැලසුම ණය මුදලක් ලබාගැනීමටද නැතහොත් වෙනත් පාතාල කටයුත්තකටද යන්න ඉදිරි විමර්ශනවලින් හෙළි වනු ඇතැයිද වාර්තාවේ.









Gossip Lanka Previous News

තවත් පුවත්

Advertisement