Sinhala Edition English Edition
Facebook Official Fanpage Google+ Official Page Official Twitter Account Rss Feed

Latest News

Advertisement

 සියලුම පෞද්ගලික බස් රථ සඳහා ඩීසල් වෙනුවට භූමිතෙල් භාවිතා කිරීම සඳහා නීත්‍යනුකූල අවසර ලබාදෙන ලෙස සමස්ත ලංකා පෞද්ගලික බස් සමාගම් සමිති සම්මේලනයේ ප්‍රධාන ලේකම් අංජන ප්‍රියංජිත් මහතා ඊයේ (25) පැවැසීය. දැනටත් රටේ බහුතරයක් හොර රහසේ බස් රිය ධාවනයට භූමිතෙල් භාවිතා කරන
බවත්

එවැනි බස් හිමියන් බස් කර්මාන්තයෙන් ලාභ ලබන බවත් අංජන ප්‍රියංජිත් මහතා පැවැසීය. බස් රථ ඇන්ජිමට භූමිතෙල් නිසා හානිදායක තත්වයන් ඇති නොවන නමුත් තවත් අමතර කොටස් කිහිපයකට භූමිතෙල් අහිතකර විය හැකි බවද ඔහු පැවැසීය. එසේ වුවත් භූමිතෙල් භාවිතා කිරිම නිසා දෛනිකව ලබන ලාභයෙන් එම අමතර කොටසට යන වියදම පියවාගත හැකි බව ද ඔහු පැවැසීය. බොහෝ කාලයක සිට බස් හිමියන් හොර රහසේ කරන ලද මෙම ක්‍රියාව නීත්‍යනුකූලව ඉටුකර ගැනීමට අවසර දෙන ලෙසත් එසේ වුවහොත් මෙම වසරේ බස් ගාස්තු වැඩිවීමක් ද අවශ්‍ය නොවන බවත් අංජන ප්‍රියංජිත් මහතා පැවැසීය.









Gossip Lanka Previous News

තවත් පුවත්

Advertisement