Sinhala Edition English Edition
Facebook Official Fanpage Google+ Official Page Official Twitter Account Rss Feed

Latest News

Advertisement


බ්‍රිතාන්‍යයේ එඩ්වඩ් කුමරු ලංකාවට

 වෙසෙක්ස්හි අර්ල්වරයා හෙවත් එඩ්වඩ් කුමරු සහ සොෆී කුමරිය අද පස්වරු 3 ට පමණ දිවයිනට පැමිණ තිබේ.ලබන පෙබරවාරි 04 වනදා පැවැත්වීමට නියමිත මෙරට 70 වන ජාතික නිදහස් දින සැමරුම් උත්සවයට විශේෂ ආරාධිත අමුත්තන් ලෙස බ්‍රිතාන්‍ය රජ පවුල නියෝජනය කරමින් ඔවුන් සහභාගී වනු ඇත.
මෙම සංචාරයේදී
ඔවුන් මෙරට

සමාජ සුබසාධන කටයුතුවල නිරත වීමටද අපේකෂා කරන අතර දින 5 ක් ලංකාවේ ගත කරනු ඇත.
හෙට පෙරවරුවේ මහනුවර ශ්‍රී දළදා මාළිගාව වෙත ගොස් දළදා සමිඳුන්ගෙන් ආශිර්වාද ලබා ගැනීමටත් පස්වරුවේ පේරාදෙණිය රාජකීය උද්භිද උද්‍යානයේ නිරීක්ෂණ චාරිකාවකට ද එක්වන්නට නියමිතය.

 ලබන 03 වන දා රත්මලාන අන්ධ විද්‍යාලයේ පැවැත්වෙන ආබාධිත ළමයින්ගේ ක්‍රියාකාරකම් ඇතුළත් ප්‍රදර්ශනයකට සහ සංස්කෘතික වැඩසටහනකට ද සහභාගී වන අතර අනතුරුව නිදහස් දින උත්සවයට එක්වීමෙන් පසු නැවත බ්‍රිතාන්‍ය වෙත ගමන් කරනු ඇත.
එඩ්වඩ් කුමරු බ්‍රිතාන්‍යයේ දෙවන එලිසබෙත් මහ රැජිණගේ සහ එඩින්බරෝ ආදිපාදවරයාගේ බාල පුත්‍රයා වන අතර ඔටුන්න හිමි චාල්ස් කුමරුගේ සොයුරෙකි.











Gossip Lanka Previous News

තවත් පුවත්

Advertisement