Sinhala Edition English Edition
Facebook Official Fanpage Google+ Official Page Official Twitter Account Rss Feed

Latest News

Advertisement


විදුහල්පතිනිය දණ ගැසීමේ සිද්ධිය
බොරු ප්‍රකාශ කරවාගත් මාධ්‍යවේදීන් 3 ට නොතීසි

බදුල්ල දෙමළ බාලිකා විද්‍යාලයේ විදුහල්පතිනිය දණ ගැස්විම, තර්ජනය ගැන අසත්‍ය ප්‍ර‍කාශයක් ලබා ගැනීම හා මහ ඇමති නිදොස් කිරීමට ඒවා මාධ්‍ය තුළට යොමු කිරීම සම්බන්ධයෙන් ඌව අධ්‍යාපන ලේකම්, පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ, කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ, බදුල්ල පොලිස් ස්ථානාධිපති,  පළාත් සභා මාධ්‍යවේදීන් 3 කට ට ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවෙන් නොතීසි නිකුත් කර තිබේ.
 පළාත් සභාවේද සේවකයින් වන පාලිත ආරියවංශ,
ප්‍ර‍සන්න පත්මසිරි,

අමිල ක්‍රිෂාන්ත රත්නායක යන අයට ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවෙන් කැඳවීම් කර ඇති අතර මෙම විමර්ශනය සදහා ඌව අධ්‍යාපන ලේකම් සන්ධ්‍යා අඹන්වල, පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ රත්නායක, කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ රණසිංහ , බදුල්ල පොලිස් ස්ථානාධිපතිට 2018 ජනවාරි 25 දින පෙ.ව. 10 ට පැමිණෙන ලෙස කැඳවීම් කර ඇත.
මෙම පිරිස සිදු කළ  ක්‍රියාව මගින් ආණ්ඩුක්‍ර‍ම ව්‍යවස්ථාවේ 12 (1) ව්‍යවස්ථාව  හා 13 ව්‍යවස්ථාවේ සදහන් අදාල භාෂාණයේ හා ප්‍ර‍කාශනයේ අයිතිය මෙන්ම 10 වන ව්‍යවස්ථාවේ සදහන් හෘදය සාක්ෂියේ නිදහස ද දැඩි ලෙස උල්ලංඝනය වී ඇති බව සඳහන්ය.
ලංකා ගුරු සංගමයේ ජෝසප් ස්ටාලින් සහ ශ්‍රී ලංකා මානව හිමිකම් කේන්ද්‍රයේ විධායක අධ්‍යක්ෂ කීර්ති තෙන්නකෝන් විසින් සිදුකළ පැමිණිලි 2 කට අනුව මෙම කැදවීම් සිදු කර ඇත.

දණ ගැස්වීම බොරුවක් බවට බලහත්කාරයෙන් ලබාගත් ප්‍රකාශය පහතින්









Gossip Lanka Previous News

තවත් පුවත්

Advertisement