Sinhala Edition English Edition
Facebook Official Fanpage Google+ Official Page Official Twitter Account Rss Feed

Latest News

Advertisement


ලංකාවේ තේ ගැනීම රුසියාව නැවතුවේ
ඇස්බැස්ටස් තහනම නිසාද?

ශ්‍රී ලංකාවෙන් තේ මිලදී ගන්නා ප්‍රධාන ගැණුම්කරු වන රුසියාව එය තාවකාලිකව නවතා දැමීම  රුසියාවෙන් ඇස්බැස්ටෝස් අමුද්‍රව්‍ය මිලදී ගැනීම නවතා දැමීමට ශ්‍රී ලංකා රජය ගත් තීරණයට එකට එක කිරීමක් විය හැකි යැයි පැවැසේ.
ඇස්බැස්ටෝස් තහනම ක්‍රියාත්මක වන්නේ 2024 දී වුවත්, අමුද්‍රව්‍ය මිලදී ගැනීමේ තහනම 2018 සිට ක්‍රියාත්මක වීමට නියමිතව තිබේ.
ශ්‍රී ලංකාවෙන් තේ මිල දී ගැනීම තහනම් කිරීමට රුසියාව තීරණය කළ බව රොයිටර් පුවත් සේවය මගින් වාර්තා කිරිමත් සමඟ තේ ආනයනකරුවන් සහ තැරැව්කරුවන් මහත් සේ කලබලයට පත් වි මෙම තහනම සම්බන්ධයෙන් වැඩි විස්තර දැනගැනීමට උනන්දු වී ඇත.
වැවිලි කර්මාන්ත ඇමැති නවීන් දිසානායක සහ වාණිජ සහ කර්මාන්ත ඇමැති රිෂෙඩ් බදියුදින් යන මහත්වරුන් ද මේ සතියේ රුසියාවට ගොස්
අදාළ බලධාරීන් සමඟ සාකච්ඡා පැවැත්වීමට නියමිතය. ඇස්බැස්ටෝස් තහනම් කිරීමට ශ්‍රී ලංකා රජය ගෙන ඇති තීරණය සම්බන්ධයෙන් රුසියන් බලධාරීන් සමග සාකච්ඡා කිරීමට විද්‍යා හා පර්යේෂණ ඇමැති සුසිල් ප්‍රේමජයන්ත මහතා ද ලබන 21 වැනිදා රුසියාව බලා යෑමට නියමිතය. මාධ්‍ය වාර්තා කළේ

රුසියානු බලධාරීන් ශ්‍රී ලංකාවෙන් තේ මිල දී ගැනීම තහනම් කළේ කප්රා වර්ගයේ කුරුමිනියෙකු ශ්‍රී ලංකා තේ ඇසුරුමකින් හමුවීම නිසා බවය.

 රුසියාවේ ශ්‍රී ලංකා තානාපති වරයාද පසුගිය පැය 24 තිස්සේ අදාළ බලධාරීන් සමඟ මේ සම්බන්ධයෙන් සාකච්ඡා පවත්වා සොයා බැලීම් කර ඇත. නවීන් දිසානායක ඇමැතිවරයා සන්ඩේ ටයිම්ස් පුවත්පතට පවසා ඇත්තේ එම කුරුමිණියා සිටිනවා යැයි ඉවත දැමීමට සැරැසෙන තේ තොග  තානාපතිවරයා විසින් නිරීක්ෂණය කර තිබෙන බවය. මෙම කාරණාව මුල්කොට ගෙන ශ්‍රී ලංකාව සහ රුසියාව අතර පවතින රාජ්‍ය තාන්ත්‍රික සබඳතාවලට බාධාවක් සිදුනොවීමට වගබලා ගන්නා බව ද ඇමැතිවරයා වැඩිදුරටත් දන්වා ඇත.

ශ්‍රී ලංකා තේ මණ්ඩලයේ සභාපති ආචාර්ය රොහාන් පෙතියාගොඩ මහතා පැවැසුවේ. කුරුමිණියන් වැනි අනවශ්‍ය ද්‍රව්‍ය ශ්‍රී ලංකාවේන් අපනයනය කෙරෙන තේ සමඟ මුසුවන්නේ නම් එය ඉතා කලාතුරකින් සිදුවන දෙයක් බවය. කෙසේ නමුත් එවැනි දෙයක් සිදුවුණාදැයි යන්න සැකහැර දැනගත යුතු බවත් ශ්‍රී ලංකා තේ සම්බන්ධයෙන් පවතින කීර්ති නාමය එලෙසම පවත්වා ගත යුතු බවත් තේ මණ්ඩලයේ සභාතිවරයා පැවැසීය.
ශ්‍රී ලංකාවේන් තේ මිල දී ගැනීමේ ප්‍රමුඛයා වන්නේ රුසියාවය.

 මේ වසරේ

පළමු මාස 10 ඇතුළත රුසියාව මිල දී ගත් තේවල වරිනාකම ඇමෙරිකන් ඩොලර් මිලියන 23කි. මිල දී ගත් තේ ප්‍රමාණය කිලෝ ග්‍රෑම් මිලියන 29.5 කි. මෙය ශ්‍රී ලංකාවට ලැබෙන විදෙස් ආදායමෙන් සියයට 12ක ප්‍රතිශතයකි. 2011 දී ශ්‍රී ලංකාව රුසියාවට යැවූ තේ ප්‍රමාණය කිලෝ ග්‍රෑම් මිලියන 48 කි. 2015 දී යැවුණු ප්‍රමාණය කිලෝ ග්‍රෑම් මිලියන 36 කි.

ඇස්බැස්ටෝස් තහනම් කිරීමට ශ්‍රී ලංකා රජය තීරණය කර ඇත්තේ එය ශරීර සෞඛ්‍යයට සහ පරිසරයට අහිතකර නිසාය. ඇස්බැස්ටෝස් වෙනුවට පරිසර හිතකාමී අමුද්‍රව්‍ය සහ ඇස්බැස්ටෝස් හඳුන්වා දීමට රජය සූදානම් වෙයි. ඇස්බැස්ටෝස් තනම් කිරීමට කැබිනට් මණ්ඩලය තීරණය කළේ 2015 වසරේදිය.
 තේ ඇසුරුමක කෘමියකු සිටියේ යැයි කියන සිද්ධියට අදාළව එම තේ අපනයනය කළ සමාගමට එරෙහිව පරික්ෂණයක්
ආරම්භ කර ඇති බවත් එම පරික්ෂණයෙන් අදාළ සමාගම වරදකරුවූවොත් එම සමාගමේ තේ අපනයන බලපත්‍රය අහෝසි කරන බවත් ජනපති සිරිසේන හපුතලේදී ඊයේ (17) පවසා තිබේ.









Gossip Lanka Previous News

තවත් පුවත්

Yathura Magazine

Advertisement

Gossip Lanka Videos

Like us on Facebook