Sinhala Edition English Edition
Facebook Official Fanpage Google+ Official Page Official Twitter Account Rss Feed

Latest News

Advertisement

ඉන්ධන හිඟයක් පවතින බවට පැතිර ගිය ආරංචි හේතුවෙන් ඊයේ හා පෙරේදා ඉන්ධන පිරවුම්හල් අසල දැඩි පෝලිම් දක්නට හැකිවිය. කොළඹ අවට මෙන්ම පිට පළාත්වල ද ඇතැම් පිරවුම්හල් ඉන්ධන අවසන් වීම හේතුවෙන් වසා දමා ඇති බව ද වාර්තා විය.
නමුත් මෙම ආරංචිය IOC සමාගම ගෙන්වූ දෝෂ

සහිත තෙල් තොගයක් හරවා යැවීම නිසා කෘත්‍රිමව මවා පෑ හිඟයක් බව මේ වනවිට වාර්තාවේ.
රට තුළ බරපතළ පෙට්‍රල් හිඟයක් නොමැති බව ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍යාංශය
මේ තත්වය යටතේ නිවේදනයකින් දන්වා ඇත.
විෂය භාර නියෝජ්‍ය ඇමතිනී අනෝමා ගමගේ ප්‍රකාශ කර ඇත්තේ පෙට්‍රල් හිඟයක් මතුව ඇති බවට පැතිර යන ආරංචි මුළුමනින් ම අසත්‍ය බවය.
කෙසේ වෙතත් එකී ආරංචි හේතුවෙන් ඇතැම් පෙදෙස්වල ඉන්ධන අහවර වී ඇති බව නි.ඇමතිනිය පිළිගෙන තිබෙන අතර ඉන්ධන රැගත් නෞකාවක් සඳුදා ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත බවද ඒ අනුව තත්වය යළි යථා තත්වයට පත්වනු ඇති බවද කියා සිටියාය.
ඉන්දීය තෙල් සමාගම විසින් ප්‍රමිතියෙන් තොර ඉන්ධන තොගයක් ශ්‍රී ලංකාවට ගෙන ඒමත් ඒවා නැවත හරවා යාමට සිදුවීමෙන් පාරිභෝජනයට අවශ්‍ය කොටස මදිපාඩුවක් වීමෙන් මෙම හිඟය මතුව ඇති බව අභ්‍යන්තර තොරතුරු වාර්තා කර තිබේ.










Gossip Lanka Previous News

තවත් පුවත්

Yathura Magazine

Advertisement

Gossip Lanka Videos

Like us on Facebook