Sinhala Edition English Edition
Facebook Official Fanpage Google+ Official Page Official Twitter Account Rss Feed

Latest News

Advertisement


පියා පැදවූ වෑන් රියට යටවී
තුනහමාරේ දියණිය මරුට

තමාගේ රියපැදවීමේ දෝෂයකින් තමන්ගේම දියණිය අහිමිකරගත් පියෙකු පිලිබඳ පුවතක් ඊයේ
 වීරකැටිය, අත්තනයාලේ දී වාර්තා විය.
දිල්සරා තිලක්ෂණි අබේවික්‍රම නැමති දැරිය තම පියා මව ඇතුළු පවුලේ ඥාතීන් සහ ගම්වාසීන් පිරිසක් සමග කතරගම යාමට සූදානම් වී වෑන් රථයට ගොඩවී
ඇති බවත් පියා වාහනය

පැදවීම අරඹන්නට පෙර පසුපසුට වාහනය ගන්නා අවස්ථාවේ එහි දොර එක්වරම ඇරි දැරිය බිමට වැටුණ නමුත් ඒ බවක් නොදැක පියා දිගටම වාහනය හැරවූ බවත් මූලික පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී තිබේ.එම අවස්ථාවේ දැරිය ඉතාම දරුණු ලෙස වෑන් රියේ රෝදයකට යටවී තිබේ.

අවුරුදු තුන හමාරක් වයසැතිවූ ඇය බරපතල තුවාල සහිතව රෝහල්ගත කිරීමෙන් අනතුරුව මියගිය බව පසුව වාර්තා විය.
 ඇය  මරණය සබ්බන්ධ හදිසි මරණ පරීක්ෂණය මාරකඩ ඉහළ හදිසි මරණ පරීක්ෂක පී. වීරමන් විමලදාස මහතා විසින් ඊයේ (03) පෙරවරුවේ පවත්වනු ලැබීය.
ඉතා අවාසනාවන්ත ලෙස දැරිය මියගිය අයුරු නිසා ගම්මානයම කම්පනයට පත්ව ඇතැයි වාර්තා වේ.











Gossip Lanka Previous News

තවත් පුවත්

Yathura Magazine

Advertisement

Gossip Lanka Videos

Like us on Facebook