Sinhala Edition English Edition
Facebook Official Fanpage Google+ Official Page Official Twitter Account Rss Feed

Latest News

Advertisement

කහවත්ත පොලිස් බල ප්‍රදේශයේ කොටකෙතන ඇළේ පාවෙමින් තිබූ මිනිස් මළ සිරුරක් සොයාගෙන ඇති බව කහවත්ත පොලිසිය ප්‍රකාශ කරයි. මැදිවියේ පසුවන තරුණයකුගේ බවට සැක කරන මළ සිරුර ඊයේ සවස
1.30ට පමණ දැක ඇත්තේ අසල්වැසි පුද්ගලයෙකි. නිවාස කීපයකට ඇළෙන් ගොඩවීම සඳහා යොදා තිබූ වැලි කොට්ට බැම්ම අසල රැඳී තිබුණු සිරුර කාගේද යන්න කිසිදු හෝඩුවාවක් ඒ වන විට ලැබී නොතිබිණි.


අබිරහස් කාන්තා මිනිස් ඝාතන සිදුව ඉතා ප්‍රසිද්ධියට පත්ව ඇති කොටකෙතන ප්‍රදේශයේ තිබී සොයාගත් පිරිමි මළ සිරුර පිළිබඳ පුළුල් පරීක්‍ෂණයක් ඊයේ ආරම්භ කළ බව පොලිසිය පවසයි.

මෙය මිනීමැරුමක්ද? නැතිනම් දියේ ගිලී සිදු වූ මරණයක්ද යන්න පිළිබඳ ස්ථිරව නිගමනය කිරීමට අපහසු බව කහවත්ත වැඩබලන පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්‍ෂක එම්. ඒ. ඒ. ගුණසේකර මහතා සඳහන් කළේය. යපැල්මඬුල්ල මහෙස්ත්‍රාත් විසින් ස්ථානීය පරීක්‍ෂණය සිදු කිරීමෙන් අනතුරුව සිරුර ගොඩගැනීමට නියමිතව තිබිණි.

කහවත්ත වැඩබලන පොලිස් ස්ථානාධිපති එම්. ඒ. ඒ. ගුණසේකර, කොටකෙතන පොලිස් මුරපොළේ ස්ථානාධිපති උප පොලිස් පරීක්‍ෂක ඒ. එම්. ගාමිණි, සුළු පැමිණිලි අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්‍ෂක රණසිංහ, අපරාධ අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්‍ෂක ආර්. එච්. ඩී. වික්‍රමරත්න මහතා සහ රත්නපුර අපරාධ විමර්ශන පරීක්‍ෂණ ඒකකයේ නිලධාරීන් විසින් වැඩිදුර පරීක්‍ෂණ පවත්වනු ලබයි.

අටකලන්පන්නේ - තරිඳු උදයශාන්ත,
ඕපනායක - නිමල් බඳගිරිය











Gossip Lanka Previous News

තවත් පුවත්

Yathura Magazine

Advertisement

Gossip Lanka Videos

Like us on Facebook