Sinhala Edition English Edition
Facebook Official Fanpage Google+ Official Page Official Twitter Account Rss Feed

Latest News

Advertisement


ගීතා කුමාරසිංහ මහත්මිය පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය අහිමිවීමෙන් පසු  ඇය මන්ත්‍රීවරියක ලෙස ලබාගත් වැටුප් හා දීමනා සියල්ල මෙන්ම පාරිභෝජනය කළ සිය වරප්‍රසාද වල වටිනාකම්

නැවත ආණ්ඩුවට ගෙවීමට සිදුවන බව

පාර්ලිමේන්තු ආරංචි මාර්ග පවසයි.
ඒ අනුව වසර දෙකකට අධික කාලයක් තිස්සේ ගීතා කුමාරසිංහ මහත්මිය ලබාගෙන තිබෙන මන්ත්‍රී වැටුප හා ඊට අමතරව ගෙවල් කුලී දිමනාව,දුරකථන දීමනාව, කාර්යාල දීමනාව ආදී වශයෙන් රුපියල් මිලියන ගණනාවක් නැවත ආණ්ඩුවට ගෙවීමට සිදුවනු ඇතැයි ද පැවසේ.
ගීතා කුමාරසිංහ මහත්මියගෙන් එම මුදල් අයකර ගැනීම සඳහා නිතිපතිවරයා මාර්ගයෙන් කටයුතු සැලසිය යුතු බවද ඇයගේ මන්ත්‍රී ධුරය අහිමි කරමින් අභියාචනාධිකරණය ලබාදුන් තින්දුවේ සඳහන් කර ඇත.
මෙරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙහි 91 (1) (1) (13) වගන්තිය අනුව වෙනත් රටක පුරවැසිභාවය දරන මෙරට ඕනෑම පුරවැසියකු මැතිවරණයට ඉදිරිපත්වීමට නාමයෝජනා භාරදෙන අවස්ථාවේ දී හෝ මන්ත්‍රී ධුරයෙහි දිව්රුම් දෙන අවස්ථාවේදී ද්විත්ව පුරවැසිභාවය දරයි නම් ඔහු හෝ ඇය පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙහි පත්වීම, දිව්රුම් දීම සහ කටයුතු කිරීම නීතිවිරෝධී සහ බල රහිත බවට ශ්‍රේෂ්ඨාධිකරණ පංචපුද්ගල විනිසුරු මඬුල්ල විසින් තීරණය කරන ලද නිසා ඇයට ධූරය අහිමි විය.









Gossip Lanka Previous News

තවත් පුවත්

Yathura Magazine

Advertisement

Gossip Lanka Videos

Like us on Facebook