Sinhala Edition English Edition
Facebook Official Fanpage Google+ Official Page Official Twitter Account Rss Feed

Latest News

Advertisement


මීතොටමුල්ල කුණු කන්ද ආශ්‍රිතව පසුගියදා හටගත්
ගින්නට හේතුව මීතෙන් වායුව ඉහළ යාම බව මහ නගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශය පවසයි.

එහි ලේකම් නිහාල් රූපසිංහ මහතා ප්‍රකාශ කළේ, සිදුකළ පරික්ෂණවලදී ඒ බව තහවුරු වූ බව ය.

කෙසේ වෙතත්, කුණු කන්ද සම්බන්ධයෙන් දෛනිකව මධ්‍යම ඉන්ජිනේරු කාර්යාංශය මගින් පරික්ෂා කිරිම් සිදුකරන බව ද ඔහු ප්‍රකාශ කළේය.

මීතොටමුල්ල කුණු කන්ද ස්ථාවර කිරිමේ කටයුතු ඉදිරි මාස තුළ ආරම්භ කරන බව ද ලේකම්වරයා සඳහන් කළේය.

ඔහු පැවසුවේ ලෝක බැංකු ආධාර යටතේ එම වැඩපිළිවෙළ ක්‍රියාත්මක බව ය.

මේ වන විට ජාත්‍යන්තර විද්‍යාඥයින්ගේ උපදෙස් මත ඒ, පිළිබඳ සැලසුම් සකස් කර ඇති බව ද ඔහු සඳහන් කළේය.









Gossip Lanka Previous News

තවත් පුවත්

Yathura Magazine

Advertisement

Gossip Lanka Videos

Like us on Facebook