Sinhala Edition English Edition
Facebook Official Fanpage Google+ Official Page Official Twitter Account Rss Feed

Latest News

Advertisement


වයස 30- 33 අතරදී සියල්ලන් මියයන
මැල්සිරිපුර අසාමාන්‍ය පවුලක්

 එකම පවුලක පිරිසක් අවුරුදු 30 සිට 33 දක්වා වයස් කාලවලදී මියයෑමේ තරමක අසාමාන්‍ය කතා පුවතක් මැල්සිරිපුර, පන්ලියද්ද, හැවනතෙන්න ගම්මානයෙන් වාර්තා වෙයි.
කිසියම් හේතුවක් මත එකම පවුලේ පරම්පරා දෙකක පුද්ගලයන් වයස අවුරුදු තිහක් තිස්තුනක් වෙද්දී මියයෑම නිසා දරු මුණුබුරන් දැඩි අසරණභාවයට පත්ව ඇති අතර මේ පිළිබඳ විද්‍යාත්මක අවධානය අවශ්‍යවී තිබේ.
මේ සංසිද්ධිය අනාවරණය වී ඇත්තේ පසුගියදා හදිසි රිය අනතුරකින් මියගිය සැමියා හා බිරියකගේ කුඩා දරුවන් තිදෙනෙකු එක්තැන් වීමේ සිද්ධිය පිළිබඳව සොයා බලන්නට ගිය අවස්ථාවකදීය.
මෙම ගම්මානයේ සොහොයුරියෝ දෙදෙනකු ජීවත්ව සිට ඇත. ඔවුන් දෙදෙනාට දරුවන්
තිදෙනකු ද සිට තිබේ. හරියටම වයස අවුරුදු 32 හා 33 වෙද්දී හඳුනා නොගත් රෝගයකින් හදිසියේ එම අක්තා නගෝ මියගියේ සිය දරුවන් කුඩා අවධියේදීය.
ඔවුන්ගේ ස්වාමිපුරුෂයන්ද වයස අවුරුදු 32 හා 33 වෙද්දී මියයාම වියේෂ සිද්ධියකි. එම පවුල් දෙකේ මාපියන් මියගියේ දරුවන් තිදෙනෙකු

අවුරුදු 10, 8, 7 යන වයස්වල පසුවෙද්දීය. ඔවුන්ගේ ඥාති පවුලක් විසින් පවුල් දෙකේ කුඩා දරුවන් හදාවඩා ගෙන තිබේ. එම දරුවන් වැඩිමහලු වෙද්දී එම තිදෙනාද විවාහ දිවියට ඇතුළු වී තිබේ. දරුවන් තිදෙනා බැගින් ඔවුන් බිහිකර ඇත. එක් සහෝදරියකගේ පුතා හරියටම අවුරුදු 33 අවසන් වෙද්දී හදිසි රිය අනතුරකින් මියගොස් දරුවන් තිදෙනෙකු සමග බිරිය අසරණව සිටින්නීය. එසේ මියගිය පුද්ගලයාගේ නැගණිය පසුගියදා සිය සැමියා සමග දරුවන් පාසලෙන් රැගෙන ඒම සඳහා පිටත්ව යද්දී රිය අනතුරකට භාජන වී මව සහ පියා එම ප්ථානයේම මියයෑමත් සමඟ කුඩා දරුවන් තිදෙනෙක් මෙලොව තනිවූහ.

එමෙන්ම ඔවුන්ගේ සහෝදරියගේ දියණියගේ සැමියා වයස හරියටම අවුරුදු 33 පසුවනවාත් සමඟ රෝගයකින් මියයෑම විශේෂත්වයකි. එම පවුලද දරුවන් තිදෙනෙකු සමඟ තනිවීම දෛවයේ පරදමකි.
මවත් පියාත් එකට අවසන් ගමන් ගිය පසු තනිවූ දරු තිදෙන‍ පදිංචි කුඩා නිවස

මේ වනවිට දිරාපත්වෙමින් තිබේ. ඥාති කිරිඅම්මා ඔවුන් දැනට රැක බලාගනී.

ඩී.එම්. දිසානායක බණ්ඩාර (34) සහ එච්.ඒ.එස්.ඒ. නිලනිකා ගයානි (32) යුවළ හදිසි රිය අනතුරකින් මියගොස් ඇත්තේ පසුගිය මාසයේ 13වැනි දිනදීය. මේ තිදෙනාගේ වයස අවුරුදු දහයක් වූ නිලංක , වයස අවුරුදු හතක් වූ දෙව්ෂි , වයස අවුරුදු දෙකහමාරක් වූ නෙතුලි , තිදෙනා සිය මවත් පියාත් නැති සොවින් අසරණව සිටී.
එම නිවසට පේන දුරින් පිහිටා ඇති කටුමැටි ගැසූ  නිවහනේ ජීවත්ව ඇත්තේ රිය අනතුරින් මියගිය නිලනිකා ගයානිගෙ සොහොයුරායි. ඔහුගේ පවුලටද පත්ව ඇත්තේ එම ඉරණමමය. 2016 අගෝස්තු මස 4 වනදින සංජීව ප්‍රසන්න කුමාර වයස අවුරුදු (33) මහතා හදිසි රිය අනතුරකින් මියගොස් තිබේ. ඇයගේ බිරිය දමයන්හි අයිරා කුමාරි (32) දියණියන් දෙදෙනා වන සතුණි වේතනා (14), ලිහිණ(7). මිහින්දි කුමාරි අවරුදු (2 1/2) සැමියා මියයෑමත් සමඟ දැඩි අසරණභාවයට පත්ව ඇත.

එම නිවසට මඳ දුරකින් පිහිටා ඇත්තේ ඔවුන්ගේ මියගිය ලොකු අම්මාගේ දියණියගේ නිවසයි. ඇයගේ ස්වාමි පුරුෂයා වූ පුෂ්පකුමාර දිසානායක වයස 32 පසුවෙද්දී 2016 නොවැම්බර් 02 දින හදිසි රෝගයකින් මියෙගාස් තිබේ. මෙම සිද්ධියත් සමග පුෂ්ප කුමාර දිසානායක මහතාගේ බිරිය රෝෂිහි ප්‍රදීපිකා රත්නායක (32). මලීගා දෙව්ෂිණි. (10). නෙත්මල් ෂිහිර-ග (7), නිසල දිල්රාග (05) යන දරු පැටවුන් සමග පවුල දැඩි ලෙස අසරණව ඇත.. ඉතිරිව සිපින මෙම බිරින්දෑවරුන් දෙදෙනාද වයස අවුරුදු 32 හා 33 වයස්වල පසුවන්නේ දැඩි මානසික පීඩනයක්ද ඇතිවය. මෙම පවුලේ ඉතිරිව සිරිත වැඩිමහලූ සහෝදරයකු සහ සහෝදරියක මේ සියලු දෙනාගේ දුක සැප වෙනුවෙන් කැපවී සිටින බව වාර්තාවිය.

(දඹුල්ල කංචන කුමාර ආරියදාස)









Gossip Lanka Previous News

තවත් පුවත්

Yathura Magazine

Advertisement

Gossip Lanka Videos

Like us on Facebook