Sinhala Edition English Edition
Facebook Official Fanpage Google+ Official Page Official Twitter Account Rss Feed

Latest News

Advertisement

භාවිතයෙන් ඉවතට යොමු කර හෝ වෙනයම් හේතුවක් නිසා  නොකඩවා වසර 5ක් වාර්ෂික ආදායම් බලපත්‍ර ලබානොගන්නා වාහන ධාවනයෙන් ඉවත් කළාසේ සලකා එම වාහන ලියාපදිංචි ලේඛනයෙන් ඉවත් කිරිමට පියවර ගන්නා අතරම ඒවාට අදාළ දැනුම් දීම නොකර තැබීමෙන් හිඟ දඩ මුදල් වලටද යටත් විය හැකි බව
මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස්

ජනරාල් ඒ.එච්.කේ. ජගත් මහතා සඳහන් කරයි.
ලියාපදිංචියෙන් ඉවත් කළද එම වාහන සඳහා ගෙවිය යුතු හිඟ බලපත්‍ර ගාස්තු හා දඩමුදල් ලියාපදිංචිය ඉවත් කෙරෙන දිනය දක්වා සම්පූර්ණයෙන් ගෙවීමට වාහන හිමියන් බැඳී සිටින බවද කොමසාරිස් ජනරාල්වරයා පෙන්වා දෙයි.

මේ වනවිට මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි වාහන සංඛ්‍යාව ලක්ෂ 67ක් පමණ වන අතර එයින් වැඩිම සංඛ්‍යාවක් යතුරුපැදි වෙයි. ලියාපදිංචි යතුරුපැදි සංඛ්‍යාව ලක්ෂ 30ක් වුවද 80 දශකයේ මෙරටට ආනයනය කළ යමහා - 50, තැපැල් - 90 වැනි අඩු එන්ජින් ධාරිතාව ඇති යතුරුපැදි බෙහෝමයක් ධාවනයෙන් ඉවත් කර ඇතැයිද හෙතෙම සඳහන් කරයි.

එමෙන්ම ලියාපදිංචි ත්‍රිරෝද රථ ලක්ෂ 11ක්ද, කාර් ලක්ෂ 7ක්ද, වෑන් රථ ලක්ෂ 3ක්ද, ලොරි රථ ලක්ෂ 3.5ක්ද, බස් රථ ලක්ෂයක්ද වන අතර මෙයින් සැලකිය යුතු වාහන සංඛ්‍යාවක් ධාවනයට නුසුදුසු වීම නිසා ධාවනයෙන් ඉවත් කර ඇති බවට කරුණු අනාවරණය වී ඇතැයි හෙතෙම පවසයි.

වාහනයක් ධාවනයෙන් ඉවත් කළ විට ඒ පිළිබඳව තම දෙපාර්තමේන්තුවට දන්වා ලියාපදිංචියෙන් ඉවත් කිරීමේ විධිමත් ක්‍රමවේදයක් ඇතත් වාහන හිමියන් ඒ පිළිබඳ සැලකිල්ලක් නොදැක්වීම හේතුවෙන් හිඟ ආදායම් බලපත්‍ර ගාස්තු හා දඩ මුදල් ගෙවීමට සිදුවීමෙන් ඔවුන් අපහසුතාවට පත්වන බවත් කොමසාරිස් ජනරාල්වරයා පෙන්වා දෙයි.


උපතිස්ස පෙරේරා









Gossip Lanka Previous News

තවත් පුවත්

Yathura Magazine

Advertisement

Gossip Lanka Videos

Like us on Facebook