Sinhala Edition English Edition
Facebook Official Fanpage Google+ Official Page Official Twitter Account Rss Feed

Latest News

Advertisement


වයස අවුරුදු දහතුනක් වන බාල වයස්කාර පාසල් සිසුවියන් හතර දෙනකුට ලිංගික අතවර සිදු කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් කර සිටි පාසල් ගුරුවරයකු රුපියල් ලක්ෂයක ශරීර ඇප මුදාහරින ලෙස කැකිරාව දිසා විනිසුරු සහ මහෙස්ත්‍රාත් දුලාන් වීරවර්ධන මහතා නියෝග කළේය.

පාසල පැවැත්වෙන

අවස්ථාවල විද්‍යාගාරය තුළදී සැකකාර ගුරුවරයා මෙම අතවර සිදු කර ඇති බවට ලද පැමිණිල්ලකට අනුව ගල්නෑව පොලිසියේ ළමා හා කාන්තා කාර්යාංශය මඟින් ඔහු අත්අඩංගුවට ගැනිණි.

සැකකරු අතින් අතවරයට ලක්ව ඇති සිසුවියන් මේ පිළිබඳව කොළවල ලියා විදුහලේ පැමිණිලි පෙට්ටියට දමා ඇති අතර එය දුටු ගුරුවරියක විසින් විදුහල්පතිවරයාට මේ බව දන්වා ඇත. කැකිරාව මහෙස්ත්‍රාත් අධිකරණයේ ජේ‍යෂ්ඨ පරිවාස නිලධාරි කේ.කේ. කීර්තිරත්න මහතාගේ අධීක්ෂණය යටතේ පරිවාස නිලධාරීන් විසින් මේ පිළිබඳව
පරීක්ෂණ සිදු කරයි.

අනුරාධපුර - ආනන්ද කරුණාදාස









Gossip Lanka Previous News

තවත් පුවත්

Yathura Magazine

Advertisement

Gossip Lanka Videos

Like us on Facebook