Sinhala Edition English Edition
Facebook Official Fanpage Google+ Official Page Official Twitter Account Rss Feed

Latest News

Advertisement


උල්කාෂ්මයකට සමාන දෙයක් දැක
රාත්‍රී දකුණේ වැසියන් අන්දමන්දවේ


අද රාත්‍රී 9 ට පමණ දකුණු පළාතේ ස්ථාන කිහිපයක දර්ශනය වූ බවට වාර්තා පළවන උල්කාෂ්මයකට සමාන වස්තුවක් නිසා කථාබහක් ඇතිව තිබේ.
විශාල එළියක් විහිදුවාගෙන අහසේ වේගයෙන් යම්
වස්තුවක් ඇදී ගිය බවත්

මහ ශබ්දයක් සමග වහළ මතට සහ ගස් මතට දුහුවිලි වැටෙන්නාක් මෙන් දැණුනු බවත් ප්‍රදේශවාසීහු පවසති.

මෙම ආලෝකය දුටු හා ශබ්දය ඇසුණු ප්‍රදේශ අතර ගාල්ල , මාතර ,හබරාදුව, පිටබැද්දර,අකුරැස්ස,නෙළුව, තවලම, හක්මන, දෙනියාය තිබේ.

වොලිබෝලයක තරම් ගෝලාකාර තද කහපාට යමක් මුහුදට වැටෙනු දුටු බව සමහරෙක් කියති.

මෙය උල්කාපාතයක්,උල්කාෂ්මයක්,පිටසක්වල යානයක් ආදී විවිධ දේට සැකකරමින් මේ වනවිට කටකතා පැතිර තිබේ.
මෙය ගුවන් අනතුරක් නොවන බව ගුවන් හමුදාව නිවේදනය කර තිබේ.
ආචාර්ය චන්දන ජයරත්න සඳහන් කරන්නේ මෙය දකුණු වෙරළ තීරයට කඩා වැටුනු උල්කාෂ්මයක් බවයි.











Gossip Lanka Previous News

තවත් පුවත්

Yathura Magazine

Advertisement

Gossip Lanka Videos

Like us on Facebook