Sinhala Edition English Edition
Facebook Official Fanpage Google+ Official Page Official Twitter Account Rss Feed

Latest News

Advertisement

මේ දවස්වල ජීවිතේ කොහොමද ගෙවෙන්නේ
සාමාන්‍ය විදියට ගෙවනවා. ඉදිරියේදී රැකියාවත් සමග කාර්ය බහුල වෙනවා.

නිවේදන වෘත්තියේ සෑහෙන කාලයක් නේද?
ඔව්

පීවිතේට ආපු ප්‍රශ්නවලට එඩිතරව මුහුණ දුන්නෙ කොහොමද?
සෑම දෙයක්ම මධ්‍යස්ථව ගෙන ප්‍රශ්න ප්‍රශ්න විදියට නොගෙන කාලයට බාර දීම තුළින් විසඳුනා

ආදරණීය පුතා ඉදිරියේදී මොන වගේ පැන්නකට

සමිබන්ධ වෙයිද
ඉගෙනීමට දක්ෂයි, හොඳ මතක ශක්තියක් තියෙනවා.  ඒ වගේම සින්දු කියන්න, ඡායාරූපවලට පෙනී සිටින්න වැඩි කැමැත්තක් තියෙනවා.  ඉගෙනීමත් සමගම කලාවට යොමු වෙනවා නම් හොඳයි. ඒත්  කිසි බලපෑමක් නෑ.

විවාහ ජීවිතයේ ආදාරය සහ තනිකමක් ඇතුළේ වැඩියෙන්ම නිදහස තියෙන්නේ කොතනද?

දැන් ලොකු වෙනසක් නැ.. කුඩා කල සිටම ආත්ම විශ්වාසය හා ශක්තිමත් හිතක් තිබුණා.
ඒ නිසා ලොකු වෙනසක් දැනෙන්නෙ නෑ. ඒක විඳින විදිහයි විඳවන විදිහයි අතරෙයි වෙනස තියෙන්නේ.

තහනම් ආදරය ගැන මොකද හිතන්නේ?
කාටහරි බලෙන් ආදරය කරනවා නම් විතරයි තහනම් ආදරයක් වෙන්නේ. දෙදෙනාත් කැමැත්තෙන් ආදරය කිරීම තුළ සම්මත අසම්මත නිර්ණායක හොයන්න අනවශ්‍යයි.

තනිකම සහ කාන්තාව ගැන ඔබ වැඩසටහනක් කළා නේද?
අත වැඩ කළොත් කට වැඩ කරනවා කියන සංකල්පය තුළින් මිනිසුන්ගේ ඇති ප්‍රශ්න වලට නොබියව මුහුණ දෙන්නේ කොහොමද කියන දෙය ගැන මිසක් තනිකම කාන්තාව ගැන නෙමෙයි.

දිගටම තනිකම තියෙයිද නැති වෙයිද
සාධාරණ හේතු මත කාලයත් සමග තනිකම වෙනනස් වෙයි.

ආදරය ගැන මොනවද හිතන්නේ
ආදරය වදයක් නොකර ජීවිතේ කොටසක් කරගන්නවා නම් හොඳයි. ආදරය කියන්නෙ පැය 24 නෙමෙයි.

"පූර්ණිකා පීරිස්“ කියන්නේ?
කෙලින්  කතා කරන ඇත්ත කතා කරන කෙනෙක්

සටහන-සැන්ඩි ඩි.










Gossip Lanka Previous News

තවත් පුවත්

Yathura Magazine

Advertisement

Gossip Lanka Videos

Like us on Facebook