Sinhala Edition English Edition
Facebook Official Fanpage Google+ Official Page Official Twitter Account Rss Feed

Latest News

Advertisement


නීති විරෝධී ලෙස මුහුදු යාත්‍රා මඟින් ඕස්ට්‍රේලියාව බලා පලායමින් සිටි බෝට්ටු කණ්ඩායම් 8ක සැකකරුවන් 500කට ආසන්න සංඛ්‍යාවක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අඟහරුවාදා (31දා) ගාල්ල මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව එම සැකකරුවන් පිළිබඳ නීති උපදෙස් ලබාගැනීම
සඳහා නඩු විභාගය

ලබන වසරේ ජුනි මස 21 වැනිදා දක්වා කල්තැබීමට ගාල්ල ප්‍රධාන මහෙස්ත්‍රාත් නිශාන්ත පීරිස් මහතා නියෝග කළේය.

ඕස්ට්‍රේලියාව බලා දකුණු මුහුදු තීරයෙන් පලායමින් සිටි මෙම පිරිස අවස්ථා කිහිපයකදී නාවික හමුදාව සිදුකළ මෙහෙයුම්වලින් අනතුරුව අත්අඩංගුවට ගෙන තිබේ.
අත්අඩංගුවට ගෙන සිටි සැකකරුවන්ගෙන් වැඩි පිරිසක් උතුරු නැඟෙනහිර පදිංචිකරුවන් වූ අතර ගාල්ල, මාතර, හම්බන්තොට, පුත්තලම, මීගමුව, වෙන්නප්පුව, අනුරාධපුරය, ත්‍රිකුණාමලය, ගම්පහ ඇතුළු දිවයිනේ ප්‍රදේශ ගණනාවකට අයත් අය වන බවට අධිකරණයේදී කරුණු අනාවරණය කෙරිණි.
සිංහල, දෙමළ, මුස්ලිම් ඇතුළු විවිධ ජාතීන්ට අයත් පිරිමි, කාන්තාවන්, පොඩි දරුවන් සහ කිරි දරුවෝ ඒ අතර සිටියහ.

ගාල්ල - තරිඳු භාග්‍ය විජේහේවා









Gossip Lanka Previous News

තවත් පුවත්

Yathura Magazine

Advertisement

Gossip Lanka Videos

Like us on Facebook