Sinhala Edition English Edition
Facebook Official Fanpage Google+ Official Page Official Twitter Account Rss Feed

Latest News

Advertisement

විද්‍යුත් වාහන අරෝපණ මධ්‍යස්ථාන සහ ඒවායේ පාරිභෝගික ආරක්ෂාව පිළිබඳ ගැටලු හඳුනාගෙන අදාළ නියාමන නීති හා රෙගුලාසි ක්‍රියාත්මක කිරීමට ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභාව තීරණය කර තිබේ. එහි ප්‍රථම අදියර වශයෙන් ක්ෂේත්‍රයේ ගැටලු හා ඒවාට යෝජනා කරන විසඳුම් හඳුනා ගැනීම සඳහා
මහජන අදහස් විමසීමක් මේ වන විට

ආරම්භ කර ඇත. මෙහිදී විද්‍යුත් ආරෝපණ මධ්‍යස්ථාන මුහුණ පාන ගැටලු, මේ ආරෝපණ මධ්‍යස්ථානවලින් සේවාව ලබාගන්නා පාරිභෝගිකයන්ගේ අයිතිවාසිකම්, අය කරන ගාස්තු ආදිය
පිළිබඳ අදහස් හා යෝජනා 2017 ඔක්තෝබර් මස 4දා දක්වා ඉදිරිපත් කිරීමට ජනතාවට අවස්ථාව සලසා ඇත. මේ අදහස් ඉදිරිපත් කිරීම්, විද්‍යුත් වාහන ආරෝපණ මධ්‍යස්ථාන නාමාවලියක් පවත්වාගෙන යෑම, එම මධ්‍යස්ථාන සඳහා සේවා සංග්‍රහයක් සැකසීම, එම මධ්‍යස්ථානවලින් අය කරන ගාස්තු පාලනය සහ අනෙකුත් ආරක්ෂණ හා තාක්ෂණ ප්‍රමිතීන් හඳුන්වාදීම මේ ආරෝපණ මධ්‍යස්ථානවල සේවය ලබා ගන්නා පාරිභෝගිකයන් මුහුණ පාන ගැටලු සහ ඔවුන්ගේ අයිතිවාසිකම් ආරක්ෂාව, නිවාසවල ආරෝපණ පහසුකම් පිළිබඳ ගැටලු යන කරුණුවලට අදාළ විය යුතුයි.

මේ කරුණු පදනම් කරගෙන මහජනතාවට තම අදහස් හා යෝජනා පහත ලිපිනයට යොමුකරන ලෙස කොමිෂන් සභාව ඇරයුම් කරයි.
ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව 6 වැනි මහල, ලංකා බැංකු වෙළෙඳ කුලුන අංක 28, ශාන්ත මයිකල් පාර කොළඹ 3,

උපතිස්ස පෙරේරා









Gossip Lanka Previous News

තවත් පුවත්

Yathura Magazine

Advertisement

Gossip Lanka Videos

Like us on Facebook