Sinhala Edition English Edition
Facebook Official Fanpage Google+ Official Page Official Twitter Account Rss Feed

Latest News

Advertisement


බැඳුම්කර දුරකතන රහස් එළියට
රෝසිගෙ පුතා කණිෂ්කත් ගෑවිලා

අධි ආරක්ෂාවක් සපයමින් විභාග වන බැඳුම්කර කොමිසමේ අද ලැබුණ සාක්ෂි අනුව අර්ජුන් ඇලෝෂියස් සහ පර්පචුවල් ට්‍රෙෂරීස් ප්‍රධාන විධායක නිලධාරියා අතර සිදුවී ඇති දුරකතන සංවාද වලින් රහස් රැසක් අනාවරණය වූ අතර හිටපු ඇමතිනී රෝසි සේනානායකගේ පුත් කණිෂ්ක සේනානායක රෝසිගෙන් ලබාගත් රහස්‍ය කෝප් වාර්තා පිටපත් ඇලෝසියස් වෙත ලබාදුන් බවට ඔහුගේ නමද මෙයට ගැවී තිබීම අද හෙළිවූ සුවිශේෂ කරුණකි.
හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන්ගේ බෑනා වන අර්ජුන් ඇලෝෂියස් හට බැඳුම්කර ගණුදෙනුවට අදාළ මිල ගණන් සම්බන්ධ සංවේදී රහසිගත තොරතුරු මහ බැංකුවෙන් ලැබී ඇති බවට
 ඇලෝෂියස් සහ පර්පචුවල් ට්‍රෙෂරීස් ප්‍රධාන විධායක
නිලධාරියා අතර සිදුවී ඇති දුරකතන සංවාද මඟින් තොරතුරු අනාවරණය කර ගැනීමට විමර්ශන නිලධාරීන් සමත්ව ඇත.
කිසිවෙකුට හෙලි නොකරන මහ බැංකුවේ අභ්‍යන්තර රහසිගත තොරතුරු අර්ජුන් ඇලෝෂියස් සතුව තිබී ඇති බවද එම සංවාද ඔස්සේ හෙළි වී තිබේ.

එක් දුරකතන සංවාදයකින් අනාවරණය වී ඇත්තේ, සේවක අර්ථ සාධක අරමුදල සහ ජාතික ඉතිරි කිරීමේ බැංකුව වෙන්දේසියේදී ලංසු තැබීමට සුදානම් වන ප්‍රමාණය සහ ප්‍රතිශතය ඇලෝසියස් මහතා කල් තියා දැන සිටි බවය.
ඇලෝසියස් මහතා සහ ප්‍රධාන විධායක කසුන් පාලිසේන මහතා අතර 2016 වසරේ මාර්තු 29 වන දා සිදුවූ දුරකතන සංවාදයෙන් රජයේ බැංකු සමග පැවති රැස්වීමකදී අඩු අනුපාතයන්ට වෙන්දේසියේදී ලංසු ඉදිරිපත් කරන ලෙස උපදෙස් ලැබී ඇතැයි අනාවරණය වී තිබේ.
වෙළෙඳපොළේ පැවති අනුපාත ඉහළ අගයක තිබුණ ද, වෙන්දේසි දිනයේදී එවැනි ඉහළ අනුපාතයන් නොපවතින බව ඇලෝසියස් මහතා කල්තියා දැනුවත් වී තිබේ.
ඒ අනුව ඔහු ඉහළ අනුපාතයකට වෙන්දේසියේදී ලංසු ඉදිරිපත් කරන ලෙස පාලිසේන මහතාට උපදෙස් දී ඇති බවත්, පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගම වෙනුවෙන් ලංසු ඉදිරිපත් කිරීම සඳහා පෑන් ඒෂියා බැංකුව ද යොදාගෙන ඇතැයි මෙම දුරකතන සංවාදවලින් හෙළි වී තිබේ.
මෙම දුරකතන සංවාදයේදී අර්ජුන් ඇලෝසියස් මහතා පවසා ඇත්තේ,

ප්‍රබල ස්ථානයක සිටින තමාගේ මිතුරන්ට අනුව වෙන්දේසියේදී පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගම වැඩියෙන් ලංසු තැබුවොත් වැඩියෙන් ප්‍රතිලාභ ලබාගත හැකි බවය.
බැඳුම්කර සිද්ධිය සම්බන්ධයෙන් සොයාබැලීමට පත් කළ පළමු කෝප් කමිටුවේදී දුන් සාක්කිවල පිටපත් එහි සාමාජිකාවක වූ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රෝසි සේනානායක මහත්මියගේ පුත් කණිෂ්ක සේනානායක මහතා විසින් පර්පචුවල් ට්‍රෙෂරීස් ආයතනයට ලබා දී ඇතැයිද බැඳුම්කර කොමිසම හමුවේ හෙළිවිය.දුරකථන සංවාදවල කණිෂ්ක ගැන සඳහන් වි ඇතැයි කොමිසමේදී හෙළිවිය.
 පරීක්ෂණ සිදු කරන ජනාධිපති කොමිසම ස්ථාපිත කර ඇති භූමියට ලබා දී ඇති ආරක්ෂාව වැඩි කිරීමට පියවර ගෙන තිබේ.
කොමිසම  සිදුකරන ලද ඉල්ලීමකට අනුව පොලිස් විශේෂ කාර්ය බලකා සහ ආයුධ සන්නද්ධ පොලිස් නිලධාරීන් කොමිසමේ ආරක්ෂාව සඳහා යෙදවීමට පියවර ගෙන ඇත.









Gossip Lanka Previous News

තවත් පුවත්

Yathura Magazine

Advertisement

Gossip Lanka Videos

Like us on Facebook