Sinhala Edition English Edition
Facebook Official Fanpage Google+ Official Page Official Twitter Account Rss Feed

Latest News

Advertisement


හෙරොයින් මත්කුඩු ජාවාරම තුළින් උපයාගත් මුදල්වලින් රුපියල් කෝටි 17කට ආසන්න වත්කම් අත්පත් කර ගැනීම සම්බන්ධයෙන් චෝදනා එල්ලවී සිටින ගම්පොළ විදානලාගේ සමන් කුමාර හෙවත් වෙලේ සුදාටත් ඔහුගේ බිරිය හා සොහොයුරියකට එරෙහිව පවරා ඇති නඩුවක් විභාග කිරීම සඳහා කොළඹ
මහාධිකරණය ඊයේ (14දා) දින නියම කළේය.


ඒ අනුව අදාළ නඩුව දෙසැම්බර් මස 14 වැනිදා විභාගයට ගන්නා බව කොළඹ මහාධිකරණ විනිසුරු සම්පත් විජේරත්න මහතා නියෝග
කළේය. එදිනට සාක්ෂිකරුවන් අධිකරණය හමුවට කැඳවීමට පියවර ගන්නා ලෙසද විනිසුරුවරයා නියෝග කළේය.

හෙරොයින් ජාවාරම තුළින් උපයාගත් මුදල්වලින් රාජගිරිය, මාදිවෙල සහ දෙහිවල යනාදී ප්‍රදේශවලින් රුපියල් කෝටි 17කට ආසන්න වත්කම් හා දේපළ අත්පත් කරගැනීම තුළින් මුදල් විශුද්ධිකරණ පනත යටතේ වරදක් සිදුකළේ යැයි චෝදනා කරමින් වෙලේ සුදා, ඔහුගේ බිරිය වන ගයනි ප්‍රියදර්ශනී හා සොහොයුරිය වන වසන්තා කුමාරි යන අයට එරෙහිව නීතිපතිවරයා මෙම නඩුව පවරා තිබේ.

හෙරොයින් මත්කුඩු ජාවාරම් කිරීමේ චෝදනාවක් සම්බන්ධයෙන් වෙලේ සුදා නමැත්තාට මේ වන විට කොළඹ මහාධිකරණය මඟින් මරණීය දණ්ඩනය පනවා ඇති අතර ඔහු මෙම දඬුවමට එරෙහිව අභියාචනයක් ඉදිරිපත් කර තිබේ.

කේ.එස්. උදයකුමාර්









Gossip Lanka Previous News

තවත් පුවත්

Yathura Magazine

Advertisement

Gossip Lanka Videos

Like us on Facebook