Sinhala Edition English Edition
Facebook Official Fanpage Google+ Official Page Official Twitter Account Rss Feed

Latest News

Advertisement


විදුලිය විසන්ධි වී ඇති අවස්ථාවේ අවුරුදු 4ක ගැහැනු දරුවකුට මව විසින් සෙම්ප්‍රතිශ්‍යාවට දෙන පැණියක් යැයි සිතා අඩ අඳුරේ වෙනත් බෙහෙත් වර්ගයක් ලබා දීම
නිසා එය විස වී දැරිය

මියගොස් ඇති සිද්ධියක් සාම්පූර් පොලිස් වසමෙන් වාර්තා වෙයි.

සිද්ධියෙන් ජීවිතක්ෂයට පත්ව ඇත්තේ සාම්පූර්හි කට්ටපරිච්චාන් ප්‍රදේශයේ සිවනෙත්තින් පර්සින් (4) නම් දැරියකි.
සෙම්ප්‍රතිශ්‍යාවෙන් පෙළුණු තම දියණියට පිරිටන් පැණිය යැයි සිතා වේදනාව සඳහා ගෑමට දෙන ලද බෙහෙත් වර්ගයක් දීමෙන් පසු දරුවා බඩ දනවා යැයි පැවැසීම හේතුවෙන් සැකයක් ඇති වී දැරියගේ පියාද එම බෝතලයෙන්ම පැණි ස්වල්පයක් පානය කර ඇති අතර එය පිරිටන් පැණිය නොවන බවට සැක ඇති වීම නිසා මූතූර් මූලික රෝහලට ඇතුළත් කර ඇත.

දරුවාගේ තත්ත්වය යහපත් නොවීමෙන් ත්‍රිකුණාමලය මහ රෝහලට ඇතුළත් කර ප්‍රතිකාර ලබන අතරතුරදී දරුවා මිය ගොස් ඇත.
පැණිය පානය කළ දැරියගේ පියාද මේ වන විට රෝහල් ගතවී ප්‍රතිකාර ලබමින් පසුවන බවත් ඔහුගේ තත්ත්වය එතරම් බරපතළ නොවන බවත් රෝහල් ප්‍රකාශකයෙක් පැවැසීය.

සාම්පූර් පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ මෙහෙයවයි.

කන්තලේ - ඩබ්ලිව්. එම්. වික්‍රමසිංහ, ත්‍රිකුණාමලය-ලක්මාල් කේ. බදුගේ









Gossip Lanka Previous News

තවත් පුවත්

Yathura Magazine

Advertisement

Gossip Lanka Videos

Like us on Facebook