Sinhala Edition English Edition
Facebook Official Fanpage Google+ Official Page Official Twitter Account Rss Feed

Latest News

Advertisement


ආරුගම්බේ සංචාරයකට පැමිණි
බ්‍රිතාන්‍ය මාධ්‍යවේදියෙකු
කිඹුලෙකුට ගොදුරුවී මිය යයි


ලංකාවේ කෙටි සංචාරයක් සඳහා මිතුරන් පිරිසක් සමග ආරුගම්බේ වෙත පැමිණ සිටි බ්‍රිතාන්‍ය ජාතික ප්‍රකට මාධ්‍යවේදියෙකු කිඹුල් ප්‍රහාරයකට ලක්ව ඊයේ ජීවිතක්ෂයට පත්ව තිබේ.
පෝල් මැක්ලීන් නමැති 24 හැවිරිදි ව්‍යාපාර පුවත් වාර්තාකරණයෙහි ප්‍රකට මෙම මාධ්‍යවේදියා එංගලන්තයේ Financial Times පුවත්පතේ සේවය කරමින් සිටි අයෙකි.
ඔහුගේ මිතුරන් හත් දෙනකු සමග ආරුගම්බේ සංචාරයකට පැමිණ
ඇත්තේ Safa Surf School හි නැවතී

මුහුද මත surfing ක්‍රීඩාවේ නිරතවීමටයි. සිද්ධියවූ දිනයේ පොතුවිල් කොට්ටුකල්ලිය මුහුදු තීරයේ ඔහු පිරිස සමග එලිෆන්ට් රොක් වෙත ගමන් ගනිද්දී ඔහුට අත් සෝදාගැනීමට උවමනා වූ බවත් එම අවශ්‍යතාවය සඳහා හැඩඔය මෝයකට අසල ඇති කඩොල් කැලයට ගොස් පසුව කලපුවට බැස ඇති බවත් වාර්තාවේ. එම අවස්ථාවේ ඔහු එක්වරම කිඹුලෙකු ඇදගෙන යන අයුරු තමා දුටු බව සිද්ධිය දුටු ස්කොට් ජාතික සංචාරකයෙකු පවසා ඇත.
පිරිස කලබලවී ඔහු සෙවීමට උත්සාහ කළද  දවස පුරාම ඔහු හමුව තිබුනේ නැත.
මෙම සිදුවීම ඊයේ (14දා) සිදුවූ අතර  ඔහුගේ සිරුර අද පෙරවරුවේ සොයාගත් බව පානම පොලිසිය කියයි.
ඔහුගේ සිරුර සෙවීමට නාවික හමුදා කඳවුර සහ පානම පොලිසිය මෙහෙයුම් ක්‍රියාත්මක කළ අතර හැඩඔය කලපුවේ මඩේ ගිලී තිබියදී ඔහුගේ සිරුර කිමිඳුම්කරුවන් විසින් සොයාගනු ලැබ ඇත.

බ්‍රිතාන්‍ය ජාතික පෝල් ස්ට්වට් මැක්ලින් ඔක්ස්ෆොඩ් සරසවියේ ප්‍රංශ භාෂාව පිළිබඳ ප්‍රථම පන්තියේ උපාධිය ලබාගෙන තිබුනේ 2015 වසරේය. ඔහු සරසවියෙන් පිටවූ පසු වඩාත් ආස කළ ජනමාධ්‍ය වෙත නැඹුරුවූ බව පැවසේ. Financial Times බෙල්ජියමේ සංස්කරණයට අදාළව සේවය කර පසුගියදා ලන්ඩන් ශාඛාව වෙත මාරුවී සිටි ඔහු පසුගිය කාලයේ මෙක්සිකානු භූමිකම්පාව ගැන වාර්තා සපයා ප්‍රකට වූ බවත් පැවසේ.
ශ්‍රී ලංකාවේ සංචාරය සඳහා ඔහු එක්ව තිබුනේ ඔහු සේවය කළ ආයතනයේ මිතුරන් පිරිසක් සමගිනි.
ඔහු කථාකරන අවස්ථාවක වීඩියේවක් පහළින්ම දක්වා ඇත.












Gossip Lanka Previous News

තවත් පුවත්

Yathura Magazine

Advertisement

Gossip Lanka Videos

Like us on Facebook