Sinhala Edition English Edition
Facebook Official Fanpage Google+ Official Page Official Twitter Account Rss Feed

Latest News

Advertisement


වේගය පැයට කිලෝ මීටර 295 දක්වා ඉහළ අගයක් දරන කාණ්ඩ අංක 5 දරුණුම සුළි කුණාටුවක් නිසා ඇමරිකානුවන් බියට පත්ව සිටී.
‘ඉර්මා’ නමැති සුළි කුණාටුව දශකයකින් පසු අත්ලාන්තික් සාගරයේ හටගත් දරුණුතම චණ්ඩමාරුතය ලෙස හඳුනාගෙන තිබේ.
මෙය සතියක් තුළ අමෙරිකාව මුහුණ දෙන දෙවැනි දරුණු සුළි කුණාටුව වන අතර පසුගිය සතිය අවසානයේ අමෙරිකාවේ ටෙක්සාස් ප්‍රාන්තය හරහා හමාගිය හාවී සුළි කුණාටුවෙන් 38 දෙනෙක් මිය ගිය අතර, ලක්ෂයකට අධික පිරිසක් අවතැන් විය.
මේ වනවිට කුඩා දූපත් සමූහ වලට මෙහි බලපෑම එල්ලවී ඇත.

    Antigua, Barbuda, Anguilla, Montserrat, St Kitts and Nevis
    Saba, St Eustatius and St Maarten
    Saint Martin and Saint Barthelemy
    British Virgin Islands
    US Virgin Islands
    Puerto Rico, Vieques, and Culebra
    Dominican Republic from Cabo Engano to the northern border with Haiti
    Guadeloupe
යන දූපත් වලයට දැනටමත් අනතුරු අඟවා ඇති අතර පසුව එය අමෙරිකාවේ ෆ්ලෝරීඩා ප්‍රාන්තය දෙසට ඇඳී එනු ඇතැයි විශ්වාසය කෙරේ. ඉර්මා සුළි කුණාටුව අංක පහේ, එනම් දරුණුතම ගණයේ චණ්ඩ මාරුතයක් ලෙස නම් කර ඇත. කුණාටුව තුළ භ්‍රමණය වන සුළගේ වේගය පැයට කිලෝ මීටර 295 දක්වා ඉහළ ගොස් තිබේ. එහෙත් කුණාටුව ඉදිරියට ගමන් කරන්නේ පැයට කිලෝ මීටර 24ක වේගයෙනි. ෆ්ලෝරීඩා ප්‍රාන්තයේ ජනතාවට ආරක්ෂිත ස්ථාන කරා ඉවත්වන ලෙසට රජය දැනුම් දී ඇති අතර කුණාටුව පැමිණීමට පෙරාතුව සියලු ගුවන් ගමන් අත්හිටුවීමට දන්වා තිබේ.
මෙමගින් සිදුවිය හැකි අනතුරු භයානක විය හැකි බව එරට කාලගුණ ආයතන දන්වා ඇත.











Gossip Lanka Previous News

තවත් පුවත්

Yathura Magazine

Advertisement

Gossip Lanka Videos

Like us on Facebook