Sinhala Edition English Edition
Facebook Official Fanpage Google+ Official Page Official Twitter Account Rss Feed

Latest News

Advertisement

යාපනය කෝපායිහිදි පොලිස් නිලධාරීන් දෙදෙනෙකුට පහර දී තුවාල සිදු කිරිමේ සිද්ධියට සම්බන්ධ අය සොයා සිදු කරන පොලිස් විමර්ශන වලදී ‘ආවා‘කල්ලියේ නායකයා ඇතුළු සැකකරුවන් 6 දෙනෙකු ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගනු ලැබ තිබේ.
සත්‍යවේල් කාදන් නිශාන්තන් හෙවත් නිශා වික්ටර් යනු මේ වනවිට ආවා කල්ලියේ ප්‍රධානියා ලෙස සැලකේ. පසුගිය කාලය පුරාම

ඔහුගේ කණ්ඩායම් සැලසුම් සහගතව සිදු කළ අපරාධ හා මංකොල්ලයන් ගැන තොරතුරු ඔහුගෙන් ප්‍රශ්න කිරීමෙන් පසු ලබාගත හැකිවනු ඇතැයි පොලිසිය අපේක්ෂා කෙරේ.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා සඳහන් කළේ,
අද උදෑසන පිටකොටුවේදි ඔවුන් අත්අඩංගුවට ගත් බවයි.
තවත් පුද්ගලයෙකු ඊයේ රාත්‍රී අත්අඩංගුවට ගෙන ඇත්තේ මට්ටක්කුලිය ප්‍රදේශයෙනි.
ඉතිරි පුද්ගලයින් යාපනයේදී අද අත්අඩංගුවට පත්ව ඇත.
ඔවුන් සතුව තිබී කඩු දෙකක් ද ත්‍රස්ත විමර්ශන ඒකකය භාරයට ගෙන තිබේ.
ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය මඟින් අත්අඩංගුවට ගත් සැකකරුවන් 06 දෙනා පිළිබඳ වැඩිදුර විමර්ශන පොලිස්පතිවරයාගේ  සෘජු අධික්ෂණය යටතේ ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය මඟින් සිදුකරමින් පවතී.









Gossip Lanka Previous News

තවත් පුවත්

Yathura Magazine

Advertisement

Gossip Lanka Videos

Like us on Facebook