Sinhala Edition English Edition
Facebook Official Fanpage Google+ Official Page Official Twitter Account Rss Feed

Latest News

Advertisement

කොහොමද රනිල් ජීවිතේ මොනවද මේ දවස්‌වල කරන්නෙ.
ජීවිතේ මල් මං සන්තෝසෙන් ජීවත් වෙනවා. මේ දවස්‌වල ටිකක්‌ වැඩ වැඩියි. සල්සපුනා නාට්‍යයට අමතරව විසුල සඳ ඔබ කියලා ටෙලියකත් වැඩ කරනවා. අවුරුදු වැඩසටහන් කීපයකටත් කතා කරලා තියෙනවා.

 දැන් ඉස්‌සරට වඩා ජනප්‍රියයි නේද?

ලැබෙන ප්‍රේක්‌ෂක ප්‍රතිචාරත් එක්‌ක එහෙම හිතෙනවා. අපේ රඟපෑම් රසිකයන් අතරට යන තරමටනෙ ඔවුන් අපිට සමීප වෙන්නෙ.

 සිනමාවට සම්බන්ධ වෙන්න අදහසක්‌ නැද්ද?

ඇයි නැත්තෙ සිනමාව තමයි මගේ ඊළඟ ඉල්ලකය. මේ වෙනකොට හොඳ චිත්‍රපටයකට ආරාධනා ලැබිල තියෙනවා. තමා සාකච්ඡා මට්‌ටමේ.

 මේ දවස්‌වල රඟපෑමට වඩා ආදරයට තැන දීලා කියලා නම් ආරංචියි.

ඒවත් ඉතින් කෙරෙන්න ඕන දේවල්නෙ. ආදරය කිරීම රඟපෑම වගේ මගේ සියලු රාජකාරි මං සමබරව පවත්වාගෙන යනවා.

 මේනකා පීරිස්‌ ඔබේ පෙම්වතිය කියන්නෙ ඇත්තද?

ඔව්. ඒක ඇත්ත

 රනිල් - මේනකා මුල්ම හමුවීම සිදු වුණේ කොහෙදිද

මගේ හොඳම යාළුවෙක්‌ වැඩ කරපු නාට්‍යයක මේනකාත් වැඩ කරා. යාළුවා හමුවෙන්න ගිය වෙලාවක තමයි ඇය මම මුලින්ම හමුවුණේ.

 මේ ආදර කතාවට දැන් කොච්චර කල්ද?

ම්.... සෑහෙන කාලයක ඉඳලා අපි ආශ්‍රය කරනවා.

 මේනකාගෙ ගෙදරින් මේ ගැන මොකද කිව්වෙ

මගේ දෙමව්පියො එක්‌ක කතා කරලා තීරණයක්‌ ගමු කියලා තමයි කිව්වෙ.

 එතකොට ඔබේ දෙමව්පියෝ

මම පවුලෙ බාලයා නිසා එදා ඉඳලා හැම දේකටම මට නිදහස ලැබුණා මට කැමති තීරණ ගන්න. ඒත් මම මේ වෙනකම් වැරදි තීරණ අරගෙන නෑ. ඒක දන්න නිසා අම්මයි තාත්තයි මෙතෙන්දිත් කිව්වා ඔයා කැමති කෙනානෙ තෝරා ගෙන තියෙන්නෙ චූටි පුතාට හැමදේටම වගේ මේකටත් අපේ ආශිර්වාදය ලැබෙනවා කියලා.

 මේනකා සහකාරිය ලෙස තෝරා ගත්තෙ

ඇත්තටම මූලික වුණේ ගතිගුණ ආශ්‍රය කරගෙන යද්දි දැකපු එයාගෙ පිළිවෙළත් පොළවෙ පය ගහලා ඉන්න සරල චරිතයක්‌ නිසාත් තමයි එහෙම වුණේ.

 ඇය ඔබට එක පයින් කැමති වුණාද?

කකුල් දෙකක්‌ තියන කෙනෙක්‌ ඇයි මට එක පයින් කැමති වෙන්නෙ. එයා කිව්වෙ හිතලා බලලා ගැළපෙනවා නම් අපි තීරණයක්‌ ගමු කියලා.

 එතකොට කවදද මේ විවාහය සිදු වන්නෙ

මේ වෙනකොට අපි දෙන්නම වැඩ ගොඩකට හිරවෙලා ඉන්නෙ. ඒවා ඉවර කරලා ටිකක්‌ නිදහසේ කල්පනා කරලා තමයි ඒකට කාලය තීරණය කරගන්න හිතාගෙන ඉන්නෙ.

 රංගන ශිල්පිනියක්‌ ඔබේ බිරිඳ වෙයි කියලා නිකමටවත් හිතිලා තියෙනවාද?

එහෙම හිතිලා නෑ. මම විවාහ වෙන්න ඕන මාව තේරුම් ගත්ත කෙනෙක්‌ එක්‌ක කියන තැන තමයි මම හිටියෙ. දැන් මට ඒ කෙනා හමුවෙලා තියෙනවා.

 ඉදිරියේදී මේනකාව ක්‍ෂේත්‍රයෙන් ඈත් කරන්න බලාපොරොත්තුවක්‌ තියෙනවාද?

අයියෝ නෑ. ඒක මගේ අතින් කවදාවත් වෙන වැඩක්‌ නෙමෙයි එයා අතින් සිද්ධ වුණොත් මිසක්‌ මේනකා කියන්නෙ ගොඩක්‌ හැකියාවන් තියන කෙනෙක්‌. ඒ වගේ කෙනෙක්‌ ෆීල්ඩ් එකෙන් අයින් කරනවා කියන්නෙ කලාවට වගේම රසිකයන්ටත් කරන ලොකු අසාධාරණයක්‌.

 දෙදෙනාම එකම ක්‍ෂේත්‍රයේ වීම හොඳ පවුල් ජීවිතයකට බාධාවක්‌ නොවේද?

අපි දෙන්නගෙම රැකියාව තමයි රඟපෑම. ඉතින් අපි ඒ ගැන දැනුවත් වෙලානෙ මේ තීරණයට ආවෙ. අනික මොන ක්‍ෂේත්‍රයෙ හිටියත් විවාහකයදී වැදගත් වෙන්නෙ දෙදෙනා දෙදෙනාව තේරුම් ගැනීමයි. ඊළඟට වටිනම දේ තමයි අදහස්‌ ගැලපීම. ඒ නිසා මේ ගැලපීමත් තේරුම් ගැනීමක්‌ හැමදාම අපි ළඟ තියා ගෙන දෙයියනේ කියලා හොඳ පවුල් ජීවිතයක්‌ ගත කරන අහිංසක බලාපොරොත්තුව තුළ අපි ජීවත් වෙනවා.

ධම්මික හේවාවසම් (divaina)














Gossip Lanka Previous News

තවත් පුවත්

Yathura Magazine

Advertisement

Gossip Lanka Videos

Like us on Facebook