Sinhala Edition English Edition
Facebook Official Fanpage Google+ Official Page Official Twitter Account Rss Feed

Latest News

Advertisement


රූ රැජනක්‌ වුණ විනූ අද වෙනකොට ජනප්‍රිය නිළියක්‌. මොකද හිතෙන්නේ ?

ජනප්‍රිය නිළියක්‌ කියන කාරණාව ජනතාවගේ කැමැත්ත මත සිදුවෙන දෙයක්‌. ඒකට ප්‍රධාන හේතුවක්‌ තමයි
අපි තෝරාබේරාගෙන නිර්මාණ භාරගෙන වැඩකටයුතු කිරීම. ප්‍රේක්‍ෂක ප්‍රතිචාර මට අනිවාර්යයෙන්ම ලැබෙනවා. මම ඒකට ගොඩක්‌ කැමැතියි.

විනූ වැඩිපුර මාධ්‍ය ඉදිරියට එන්නේ නැත්තේ ඇයි ?

ඒකට හේතු ගොඩක්‌ තිබෙනවා.

ඒ මොනවාද?

කලා කටයුතුවලට වේලාව වෙන්කරගත්තහම මාධ්‍යයේ තිබෙන ගොඩක්‌ වැඩසටහන්වලට දායකවෙන්න වෙලාවක්‌ නැති තරම්. කාලෙකින් මම පුවත්පත්වලට සාකච්ඡා දුන්නේම නැහැ.

ඇයි ඒ ?

ඒකට ප්‍රධානම හේතුව තමයි අපි කියන දේවල්වලට අමතරව වෙනත් දේවල් විකෘති කරලානේ දාන්නේ. ඒ හින්දා මෑතකදී පුවත්පත්වල සාකච්ඡාවක්‌ දුන්නේ නැහැ.

මාධ්‍යයෙන් විනූ කියන දේවල් විකෘති කරලා දානව කියලා චෝදනා කරන්නේ ඇයි ?


ඔව්. බොහොමයක්‌ දේවල්වල් ඒ විදිහට පළවුණා. ඒ හින්දයි එවැනි පුවත්පත් සාකච්ඡාවලට නැතිව සජීවී රූපවාහිනී වැඩසටහන්වලට විතරක්‌ දායකවෙනවා කියන මතයේ හිටියේ. ඇත්තටම වෙලා තියෙන්නේ කලාකරුවන්ගේ හොඳ දේවල් මාධ්‍ය ඔස්‌සේ කතා කරන්නේ නැහැනේ. ඒ හින්දා තමයි ඔය වගේ තීරණයක්‌ ගත්තේ.

මාධ්‍ය කලාකරුවන්ගේ කුණු අවුස්‌සනවා කියලාද ඔබ කියන්නේ ?

නැහැ. නැහැ. කලාකරුවන් කරන හොඳ දේවල් පිළිබඳව මාධ්‍යයෙන් ලොකු ඇගයීමක්‌ කරන්නේ නැහැ.

ඒ හින්දාද විනූ පත්තරවලට සාකච්ඡා දෙන එක නතර කළේ ?


ඔව්. මෑතක්‌ වෙනකම් නතර කරලා තිබුණා. මේ තමයි ඊට පසුව පළමුවෙන් ලබාදෙන සම්මුඛ සාකච්ඡාව. දැන් නම් එවැනි සාකච්ඡා දෙන්නේම නැහැ.

මාධ්‍යයෙන් ඔබට අසාධාරණයක්‌ වෙලා තියෙනවාද?

වෙලා තියෙන අසාධාරණය තමයි සමහර දේවල් විකෘති කරලා ලියන එක.

දිනේෂ් විතාන (මීවිත- දිවයින)












Gossip Lanka Previous News

තවත් පුවත්

Yathura Magazine

Advertisement

Gossip Lanka Videos

Like us on Facebook