Sinhala Edition English Edition
Facebook Official Fanpage Google+ Official Page Official Twitter Account Rss Feed

Latest News

Advertisement

කුස පබාවතී නව නිෂ්පාදනයක්‌ ලෙසද මේ කරළියට එන්නේ..

ඔව් විජය නන්දසිරිගේ නාට්‍ය නිර්මාණය තමයි මම නව නිෂ්පාදනයක්‌ ලෙස ඉදිරිපත් කරන්නේ

නාට්‍යයේ වෙනස්‌කම් කළාද?


නෑ... කිසිම වෙනස්‌කමක්‌ නෑ. විජය නන්දසිරි නමැති කලාකරුවාගේ සොඳුරු කාර්යභාරය අද වගේම හෙට පරපුරටත් තිළිණ කළ යුතුයි. විජය අපිව දාලා ගියාට එයාගේ නම හැමදාමත් පවතිනවා.

ඒ කියන්නේ විජය නන්දසිරි කළ කාර්යභාරය නතර වෙන්නේ නෑ...?

ඔව් විජය කළ සොඳුරු කාර්යභාරය
ඔහුගේ පුතා......
රසංජන ඉදිරියට ගෙන යාවි. පුතාව ඉදිරියට ගෙන එන්න මම බලාපොරොත්තු වෙනවා.

රසංජන වේදිකාවට එන්නේ පියා කළ චරිතයෙන්

ඔව්. කුස පබාවතී 'ජයම්පති' චරිතයෙන්. මම මේ චරිතයට කීප දෙනෙක්‌ ගැනම හිතුවා. නමුත් අන්තිමේ තීරණය කළා පුතාත් නන්දසිරිනේ. විජයගේ බොහෝ දේ දන්නේ අපි. එයා හැරුණත්, එක බැල්මක්‌ හෙලුවත්, හැම ඉරියව්වක්‌ම අපට තේරුම් ගන්න පුලුවන්. පුතා එයාට හුඟාක්‌ සමීප වෙලා හිටියා. පුතා පිටරට ඉඳලා ආවාට පස්‌සේ නිතරම හිටියේ තාත්තා එක්‌ක. නාට්‍ය කරන්න ලංකාව පුරාම යද්දි එයා පුතාව තමයි අරගෙන ගියේ. පුතාට සමහර විට එකවරම තාත්තා කළ ආකාරයටම රංගනය කරගන්න බැරි වේවි. නමුත් සියයට පනහක්‌ හෝ හැටක්‌ එයා කරයිනේ. පුතා දැකලා තියෙනවා ඒ කාලේත් විජය පුතාට පුරුදු පුහුණු කළා. ඒ නිසා මම හිතුවා, පුතා තමයි, මේ චරිතයට එකම සුදුස්‌සා කියලා.

එක්‌වන ශිල්පීන් ගැන කතා කළොත්


පුතා හැර අනෙක්‌ හැම කෙනෙක්‌ම පරණ ශිල්පීන්මයි. ඔක්‌කොම අලුත් අය යොදාගෙන කළොත් ඒක පැරැණි ශිල්පින්ට කරන අසාධාරණයක්‌නේ. කුස චරිතය කරන්නේ රොජර් සෙනෙවිරත්න. රොජර් හරිම සහයෝගයෙන් තමන්ගේ වැඩක්‌ වගේ තමයි, මේ කටයුත්තට දායක වෙන්නේ. පුතාට පුරුදු පුහුණු කරන්න ලොකු මහන්සියක්‌ දරනවා. කුස චරිතයට මුලිsන්ම හිටියේ ඩග්ලස්‌ රණසිංහ. ඉන් පස්‌සේ ගිහාන් ප්‍රනාන්දුත් කාලයක්‌ ඒ චරිතය කළා. ඩග්ලස්‌ සහ ගිහාන් දෙදෙනා කුස චරිතය ඉතාම ප්‍රශස්‌ත විදිහට කළ දෙදෙනෙක්‌. ජයනාත් බණ්‌ඩාරත් මේ නාට්‍යයේ රඟපානවා. ඉන්දික ජයසිංහත් ප්‍රධාන චරිතයක්‌ කරනවා.

පුතා රංගන ක්‍ෂේත්‍රයට ගෙන එන්න විජය නන්දසිරිගේ අදහසක්‌ තිබුණද?


කවදහරි පුතාව ඉදිරියට ගෙන එන්න එයාගේ ලොකු බලාපොරොත්තුවක්‌ තිබුණා. පුතා කැමැති වුණේ වෘත්තියෙන් ගුවන් නියමුවෙක්‌ වෙන්න. ඒ නිසාම විජය පුතාව පිටරට යවලා ඒ ගුවන් නියමු අධ්‍යාපනය ලබා දීලා අවශ්‍ය කරන බලපත්‍රයත් අරන් දුන්නා. පුතාට ඕන වෙලාවක පිටරටක රස්‌සාව කරන්න පුලුවන්. ඒත් දුව ඉන්නෙත් පිටරටමනේ. ඒ නිසා විජය හිතුවා පුතාට ලංකාවේ ගුවන් සේවයක රැකියාව ලබා දීලා අපි ළඟම තියාගන්න. පුතා ඉතින් ඉදිරියේදී රැකියාවෙත් කාර්ය බහුල වේවි. ඒත් අපේ නිර්මාණ නිසා පුතාට හැකි දින වකවානු සකස්‌ කරගන්න හැකි වේවි.

පුතා මීට කලින් රඟපාලා තියෙනවාද?

ඔව්. වෘෂභ රාජ, කුස පබාවතී මීට කලින් රඟපෑවා. අනෙක පුතාට රඟන්න, ගී ගයන්න, නර්තනය, බෙර වාදනය, විදුලි ආලෝකය, වේදිකා පරිපාලනය, හැම දෙයක්‌ම කරන්න පුලුවන්. වයස අවුරුදු අටේ ඉඳලාම පුතා තමයි පිටරට දර්ශනවලදී විදුලි ආලෝකය, වේදිකා පරිපාලනය කළේ. විජයගේ හැම නාට්‍යයකම වගේම විජය රඟපාන සමහර පිටස්‌තර නාට්‍යවලත් වේදිකාව පසුපස ඉඳගෙන බෙර වාදනය කළේ පුතා. තාත්තාගේ හැකියාවන් ඒ විදිහටම පුතාට පිහිටලා තියෙනවා. විජය මේ තරම් දුරක්‌ ආවේ අත්දැකීම් වලින්. පුතාත් අත්දැකීම් ලබමින් ඉදිරියේදී පරිණත වේවි.

විජය නන්දසිරිගේ රසිකයන්ට යමක්‌ කියන්න තියෙනවද?

ඔව්. එයාට ආදරය කළ රසිකයන් හුඟාක්‌ හිටියා. අදත් ඒ ආදරය ඒ විදිහමයි. විජයවත් හිතුවේ නෑ මෙතරම් රසික පිරිසක්‌ එයාට ඉන්නවා කියලා. ඒ වගේ රසික පිරිසක්‌ හිටියා විජය කුමාරතුංගයන්ටත්. විජයගේ රසිකයන්ට වයස්‌ බේදයක්‌, ජාති බේදයක්‌, බුද්ධි මට්‌ටම් බේදයක්‌ නෑ. වැඩිහිටියාගේ සිට පුංචි දරුවා දක්‌වාම, කම්කරුවාගේ සිට සිවිල් නිලධාරියා දක්‌වාම විජයට ඇලුම් කළා. ඒත් කනගාටුයි කියන්න විජය නන්දසිරි වගේ දක්‍ෂයෙකුට ලැබිය යුතු ගරුත්වය නම් බොහෝ අවස්‌ථාවල ලැබුණේ නෑ. නොලැබුණු දේට දුක්‌වෙලා ඵලක්‌ නෑනේ. විජය අභියෝගවලට හරියට මුහුණ දුන්නු කෙනෙක්‌. දැඩි ආත්ම ශක්‌තියකින් හිටියේ. විනයානුකූල හැසිරීමක්‌ තිබුණා. කලාව ඇදහුවේ දේවත්වයෙන්. වෙලාවට වැඩ කළා. පුදුමාකාර පෞරුෂයක්‌ තිබුණා. ඒක පෙර පිනක්‌.

දැන් ඔබ අධ්‍යක්‍ෂවරියක්‌ වෙලා. මේ අත්දැකීම කොහොමද?

විජයගෙන් මම ලබාගත් අත්දැකීම් හා ගුරුහරුකම් එයාගේ හැම නාට්‍යයකටම මම යනවා. ඒ පැය දෙක එයා ළඟටම වෙලා මම ඉන්නවා. එයා රඟපාන හැම නාට්‍යයක්‌ම බලමින් මම අධ්‍යයනය කරනවා.

ඒ අත්දැකීම තමයි මට මෙහිදී පිටුවහලක්‌ වුණේ. ඒක මට අලුත් දෙයක්‌ නෙවේ. මගේ ලේවල ඒක තියෙනවා. ප්‍රථම රූපවාහිණි නිළිය කියමින් මම මගේ ගමන විතරක්‌ ගියේ නෑ. මම මගේ පවුල වෙනුවෙන් විශේෂයෙන් විජය වෙනුවෙන් කැපවීම් කළා. මල් ඇතිරු යහනාවක්‌ නොවේ විවිධ අභියෝග අපිට තිබුණා.

ඔබ ප්‍රථම රූපවාහිනි නිළිය. අද රූපවාහිනි නළු නිළියන් ගැන මොනවද හිතෙන්නේ?

අද බොහෝ ටෙලි නාට්‍යවල ගුණාත්මක භාවය නම් අඩුයි. ඒකාකාරි රටාවකට යන්නේ. මේකට හේතුව නාලිකා අතර තිබෙන තරගකාරීත්වය. එක නාට්‍යයක්‌ ජනප්‍රිය වුණාම ඒ තේමාවටම තවත් එකක්‌ හදනවා. අද තාක්‍ෂණය දියුණුයි. ඒත් එදා අපි වැඩකළේ හුඟාක්‌ අපහසුකම් මැද. රසිකයාට අද තෝරා බේරා ගන්න අවස්‌ථාව තියෙනවා. අද පරපුරේ අය කැප වෙනවා අඩුයි. ඒකටත් බාධාව තමයි තාක්‌ෂණික මෙවලම්. විශේෂයෙන්ම ජංගම දුරකථනය. ජංගම දුරකථනය සමඟයි ජීවත් වෙන්නේ. තමන්ගේ කොටස රඟපාලා ජංගම දුරකතනය එක්‌ක වැඩ පටන් ගන්නවා. එහෙත් තමන්ගේ වෘත්තියට සාධාරණය ඉටු කළ යුතුයි. විජය නන්දසිරිලා ඒක කළා. අන්තර්ජාලය, තාක්‌ෂණය මතු ප්‍රයෝජනයට අවශ්‍යයි. ඒත් වහල් විය යුතු නෑ. හැමදෙයකටම කාලය බෙදා වෙන්කර ගත යුතුයි.

යළි කුස පබාවතී ගැන කතා කළොත් -

විජයට ආදරය කළ රසිකයන්ට ආරාධනා කරනවා කොළඹ බිෂොප් රඟහලට ඇවිත් නාට්‍යය බලන්න. අඩුපාඩු පෙන්වලා දෙන්න කියලා. මගේ දුරකථන අංකය - 0777363627

විජය දේවිකා යුවළගේ එකම පුතු රසාංජන ද සාකච්ඡාවට එක්‌ව මෙසේ කීය.

තාත්තා ජීවත්ව සිටිද්දි ඔබේ රංගන හැකියාවන් දැක තිබුණා. එදා ඔහුගේ ප්‍රතිචාර කොහොමද?

තාත්තා මට බල කිරීමක්‌ කළේ නැහැ. මම හිතනවා එදා බල කිරීමක්‌ කළා නම් හො`දයි කියලා. එහෙම නම් මම තාත්තව සතුටු කරනවනේ මීටත් වඩා කියලා හිතෙනවා. මම බලෙන්ම තමයි විදුලි ආලෝකය කරන්න ඉල්ලා ගත්තේ. මොකද පොඩි ළමයින්ට විදුලි ආලෝකය කරන්න දෙන්නේ නැහැ අවදානම් වැඩක්‌ නිසා.

තාත්තා නළුවෙකු වීම ගැන ආඩම්බරයිද ?

අනිවාර්යයෙන්ම.. තාත්තා මුලදී ගුවන් තොටුපොළේ වැඩ කළා. එක්‌ අවස්‌ථාවකදී තාත්තට තීරණය කරන්න වෙනවා රස්‌සාවද., කලාවද කියලා. තාත්තා කලාව තෝරා ගන්නවා. එවන් කැප කිරීමක්‌ තාත්තා කලාව වෙනුවෙන් කළා. තාත්තට තවමත් ලැබෙන ප්‍රතිචාර පුදුමයි. ප්‍රේක්‍ෂකයින් තවමත් තාත්තව ජීවමානව දකිනවා..ඒක සතුටක්‌. ඒ ලැබෙන ආදරය වචනවලට සීමා කරන්න බැහැ.

අම්මා අපේ රටේ ප්‍රථම රූපවාහිනී නිළිය. ඒ ගැන ...?

ඇත්තටම ඒක හීනයක්‌ වගේ. තාත්තා රටේ ශ්‍රෝෂ්ඨතම නළුවෙක්‌. අම්මා රටේ පළමු රූපවාහිනී නිළිය. මම මේ බලන්නේ මගේ තැන.. කොතැනද මම ඉන්නේ කියලා. ප්‍රේක්‍ෂකයාගේ උනත් බලාපොරොත්තු තියෙනවා තාත්තා මෙහෙම නම් අම්මා මෙහෙම නම් පුතා කොහොම වෙයිද කියලා.

රසාංජන , ඔබේ ජීවිතයේ පරමාදර්ශී චරිතය කවුද.?

අනිවාර්යයෙන්ම තාත්තා..


(අජිත් අලහකෝන් -දිවයින)










Gossip Lanka Previous News

තවත් පුවත්

Yathura Magazine

Advertisement

Gossip Lanka Videos

Like us on Facebook