Sinhala Edition English Edition
Facebook Official Fanpage Google+ Official Page Official Twitter Account Rss Feed

Latest News

Advertisement


දිනක්ෂි උපන්දිනය ජයටම සමරලා නේද?
අනේ මම නම් පාටියක් ගැන මුකුත්ම දැනගෙන හිටියේ නැහැ.
අපේ ‍පොඩි නංගි ශනුද්‍රි තමයි මටත්
හොරෙන්ම උපන්දින පාටියක් සංවිධානය කරලා තිබුණේ.

ඒ කියන්නේ “සර්ප්‍රයිස් බර්ත්ඩේ පාටියක්”?

ඔව්. උපන්දිනය යෙදිලා තිබුණේ මාර්තු 18 වැනිදාට. මම එදා දවසම ගෙදරින් එළියේ හිටියේ. මේ
කිසිම දෙයක් ගැන දැනගෙන හිටියේ නැති නිසා මට කලින් ගෙදර එන්න හිතුණේ නෑ. රෑ 8 ට විතර තමයි
මෙම ගෙදරට ආවේ.


උත්සවය ගැන පුංචි ඉඟියක්වත් ශනුද්‍රිගෙන් ලැබුණෙ නැද්ද?
නෑ. අඩුගානේ මම පරක්කු ඇයි කියලා බලන්නවත් කවුරුවත් මට කෝල් එකක්වත් ගත්තේ නැහැ.

හවස්වරුවම මම යාළුවකුගේ ගෙදර හිටියේ. අම්මා දැනගෙන හිටියා මම ඉන්නේ ඒ ගෙදර තමයි කියලා.
ඒ නිසා හොයලා බලන්නවත් කෝල් එකක්වත් ගත්තේ නැහැ.

බර්ත්ඩේ පාටියේ පින්තූරවල විශේෂම යාළුවෙක් ඉන්නවා නේද?

පාටියට ආපු හැමෝම මට විශේෂයි. එක්කෙනෙක් ගැන විශේෂයක් නැහැ.

කී වැනි උපන්දිනයද සැමරුවේ කියලා ඇහුවාට කමක් නෑ නේද?
ප්‍රසිද්ධියේ ඒ ප්‍රශ්නය අහන්න එපා නේද?

වයස වැඩි වෙනකොට ගෙදරින් විවාහය ඉක්මන් කරන්නේ නැද්ද?
පසුගිය කා‍ලේ නම් මාව ඉක්මනින් කසාද බන්දලා දෙන්න අම්මලාට පුදුම වුවමනාවක් තිබුණා. එයාලා
මට මනමාලයෙක් හොයන්න හුඟක් මහන්සි වුණා. ඒත් ඒ උත්සාහය අසාර්ථක වුණාට පස්සේ දැන් නම්
අම්මලා ටිකක් සද්දනැතුව ඉන්නවා.

අම්මලා ගේන යෝජනාවලට දිනක්ෂි කැමැති නැද්ද?

ඔව්. ඉතින් කිසිම විස්තරයක් දන්නේ නැති, අඳුනන්නේ නැති කෙනෙක් එක්ක විවාහ වෙන්න මට බැහැනේ. ඒ
නිසා ඒ යෝජනා ගැන මට කැමැති හිතෙන්නේ නැහැ.

දිනක්ෂිගේ කැමැත්තෙන්ම කෙනෙක් හොයාගත්තා නම් හරි?
එහෙම කෙනෙක් හම්බවුණොත් හොඳයි. හම්බවුණේ නැතත් ඉතිං කමක් නෑ. මම සතුටින් ඉන්නේ. විවාහ
වෙන්නම ඕන කියලා නියමයක් කොහේවත් නැහැනේ.

හඳහන ගැනත් ලොකු විශ්වාසයක් තියෙනවද?
අපි කතෝලික ආගමේ නිසා හඳහන ගැන ලොකුවට හිතන්නේ නැහැ. නමුත් හඳහනෙන් නරක දෙයක් කියනවා
නම් ඒ ඒ කාලවලදී වැඩිපුර පරිස්සම් වෙලා ඉන්න එක හොඳයි කියලා හිතනවා.

ශේෂාද්‍රි දැන් කලාවෙන් අයින් වෙලාද?
ඔව්. එයා ආපහු අධ්‍යාපන වැඩ පටන් ගත්තා.

ශනුද්‍රියි, දිනක්ෂියි අතරේ රඟපෑම ගැන තරගයක් තියෙනවද?
රඟපෑම ගැන හරි, ජනප්‍රියකම ගැන හරි අපි දෙන්නා අතරේ කවදාවත් තරගයක් නැහැ. හැබැයි මේ
දවස්වල ටී.වී. බලන්න නම් තරගයක් තියෙනවා.

ඇයි ඒ?
ශනුද්‍රි නංගි රඟපාන ටෙලි නාට්‍යයක් රෑ 8.30 ට විකාශය වෙනවා. මම රඟපාන ටෙලි නාට්‍යයකුත්
වෙන චැනල් එකක ඒ වෙලාවටම විකාශය වෙනවා. එකම වෙලාවේ චැනල් දෙක මාරු කර කර අපි
ඇතිවෙනකල් රණ්ඩු වෙනවා.

වැඩිපුර ජනප්‍රිය අක්කාද?නංගිද?
එහෙම දෙයක් හිතලාවත් නැහැ.

ජනප්‍රිය නිළිය වෙන්න තරගයක් නැත්තේ ඇයි?
මට ඒ ගැන බලා‍පොරොත්තුවක් නෑ. මට ඇතිවෙන්න සම්මාන ලැබිලා තියෙනවා.
ජනතා සම්මානය තමයි වටිනාම දේ.
බර්ත් ඩේ එක දවසේ මට ආපු සුබපැතුම් ගොන්නෙන් ඒ ජනතා සම්මානයේ තරම මට තේරුණා. පසුගිය දවස්
ටිකේම මම උදේ 5 ට ඇහැරලා 8 විතර වෙනකල් ඒ සුබපැතුම්වලට අාන්සර් කළා. ඒත් තාම 5 ක්වත්
කරලා ඉවර නෑ. මේ ලිපිය හරහාත් මට ඒ හැමෝටම ස්තුතියි කියලා කියන්න ඕන.

සඳමාලි වර්ණසූරිය (rivira)
http://www.gallery.gossiplankanews.com/birthday/dinakshie-priyasad-birthday.html
Pix By -360 Photography









Gossip Lanka Previous News

තවත් පුවත්

Yathura Magazine

Advertisement

Gossip Lanka Videos

Like us on Facebook